බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පවුලේ අය අතර සාකච්ඡාවක්

270

අනුර බාලසූරිය

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් ද සමග සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැති චමල් රාජපක්ෂ යන වැඩිමහල් සොහොයුරන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡුා කර සිය තීරණය ගැනෙනු ඇතැයිද වාර්තා වේ.

 පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මැති ඇමැතිවරු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර තිබූ අතර, මෙවර කරන ලද ඉල්ලීම ඒ මහතා විසින් මෙතෙක් බැහැර කර නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment