බෑක් ටු හෝම් තිරරචනයට ජාත්‍යන්තර සම්මාන

252

ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු හා තිරරචකයකු වූ උපාලි ගම්ලත්ගේ ‘බෑක් ටු හෝම්’ (Back to Home) නමැති තිරරචනය ජාත්‍යන්තර සම්මාන උළෙල තුනකදී ඇගැයීමට ලක්ව තිබේ. යුද්ධයෙන් අවතැන් වූ උතුරේ වැසියන්ගේ ගැටලූ අළලා ලියැවී ඇති ‘බෑක් ටු හෝම්’ ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් ජාත්‍යන්තර සිනමා උළෙල, අන්දමන් ඇන්ඞ් නිකොබාර් ජාත්‍යන්තර සිනමා උළෙල හා පිලිපීනයේ නිදහස් සිනමා උළෙල යන උළෙල තුනෙහිදීම හොඳම තිරරචනය සඳහා වූ සම්මානය දිනාගෙන ඇත්තේය. මෙම තිරරචනය සැකසීම සඳහා කළ ගවේෂණය පිළිබඳ නිර්මාණය වූ ‘බෑක් ටු හෝම්’ වාර්තා චිත‍්‍රපටය ද ජාත්‍යන්තර උළෙල හතකින් සම්මාන 7 ක් දිනාගෙන ඇති බව උපාලි ගම්ලත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment