බෑනා මාමා මරයි

94

බෑනා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවැති ආරවුලක් දුරදිග යෑමෙන් බෑනා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල්අස්ස හේන පදිංචිව සිටි කේ. ඩබ්ලිව්. ගුණසිරි නමැති 72 හැවිරිදි දෙදරු පියෙකි.

ලේ තැවරුණු මන්නයක් සමග විනාඩි කීපයක දී සිද්ධිය සම්බන්ධයෙන් බෑනා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

සැකකරු සහ මියගිය අය එකම නිවසක පදිංචිව සිට ඇත. සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මියගිය අය නිරතුරුවම දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට විමර්ශනවල දී අනාවරණ වූ බව පොලිසිය කියයි.

මීට දින දෙකකට පමණ ඉහතදී නිවසින් පිට වී තිබූ සැකකරු ඊයේ (8 දා) මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළු වන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප‍්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

එයින් මියගිය අයගේ වම් අත වෙන් වන සේ කැපී තිබිණි. ශරීරයේ සෑම ස්ථානයකටම තියුණු ආයුධ ප‍්‍රහාරය එල්ල වී තිබූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක‍්‍රිශාන්ත, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන (7859) ප‍්‍රියදර්ශන, (96850) බණ්ඩාර, (97414) අමරසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ, බණ්ඩාරගම පේ‍්‍රමතිලක සහ කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment