බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 200කට අධික පිරිසකට ගතවූ මාස දෙකේදී නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.
වැඩියෙන්ම නඩු පවරා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළෙඳුන්ටය. බොහෝ වෙළෙඳුන් පාලන මිල ඉක්මවා බිත්තර රුපියල් 50, 55, 60 ආදී මිල ගණන් යටතේ අලෙවි කරන බවට ලැබුණු තොරතුරු ඔස්සේ ගොස් කොටුකර ගත් බව ද හේ සඳහන් කළේය.
එසේම බිත්තර බොහෝ වෙළෙඳුන් සඟවා තබාගෙන බිත්තර හිඟයක් මවාපාමින් ඉතා අධික මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත්, ඒ අනුව සිදුකළ එක් වැටලීමක දී නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දකු කොටුකර ගත් බවත් ඔහු කීය.
මේ අතර රටපුරා බිත්තර හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
කෙසේ වෙතත්, සමහර වෙළෙඳුන් බිත්තර හිඟයක් බොරුවට මවාපා තම වෙළෙඳ සල් තුළ සඟවා තබාගෙන හිතවතුන්ට වැඩි මිලට බිත්තර අලෙවි කරන බව ද ඔවුහු කියති.
බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් ගැන 1977 යන අංකයට දැනුම් දෙන්නැයි එම අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්