හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය බාලවයස්කාර දැරිය විසින් ලියූ බවට සැකකරන ‘මගේ මරණයට හේතුව‘ යනුවෙන් සටහනක් ඇය රඳවා සිටි කළුවර කාමරයේ බිත්තියක සටහන් කර තිබියදී රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් විසින් පෙරේදා (2 දා* සොයාගෙන ඇත.
එන්සා උප්පු කාරනම් යනුවෙන් දෙමළ තේරුමක් ඇති මෙම සටහන ඉංගී‍්‍රසි අකුරින් ලියා තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය සැක පහළ කරන්නේ දැරිය තම සිරුරට ගිනි තබා ගැනීමට පෙර මෙම වැකිය ලියා තබන්නට ඇති බවයි.
මෙම වැකිය සහිත බිත්තියේ ඡුායාරූප රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර ඒවා දැරියගේ අත්අකුරු සමග සන්සන්දනය කර බැලීමට නියමිතය.
මෙම දැරිය පාසල් ගිය කාල සීමාවේදී ඇය ලියූ අත්අකුරු සහිත පොත්පත් කීපයක් පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒවා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පරීක්‍ෂා කරන අංශය වෙත භාරදීමට පොලිසිය කටයුතු කර ඇත.
රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී මෙම දැරිය අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය කළුවර කාමරය රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිලධාරීන් පෙරේදා (2 දා* දැඩි පරීක්‍ෂාවට ලක්කර තිබිණි.
මේ අතර මෙම දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණය ති‍්‍රපුද්ගල අධිකරණ වෛi නිලධාරී කමිටුවක් විසින් පැවැත්වූ අතර එහි වාර්තාව ඉදිරි දින කීපය තුළදී ලබාදීමට නියමිතය.
එමෙන්ම රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියන් සහ තරුණියන් අතරින් 8 දෙනෙකුගේ ප‍්‍රකාශ මේ වන විට පොලිසිය ලබාගෙන ඇත.
මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියන් සහ තරුණියන් තිදෙනකු වන විට මියගොස් ඇති අතර ඉන් දෙදෙනකුම සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වගෙන යයි.
හේමන්ත රන්දුණු
|