බිය නොවන් අයියණ්ඩි…

334

ඈතින් පෙනෙන පුද්ගලික රෝ්හල් ගොඩනැගිල්ල මුදුනේ සවි කළ රතුකුරුස සළකුණට එල්ලය අල්ලලා අමරපාල අයියා පය ඉක්මන් කළේය. හතළිස් ඇ`දිරිය තරමක් පමාවී හෝ ඇස් දෙකට අරක් ගත් නිසාවෙන් වෛද්‍ය නියමය පරිදි මාස තුන හතරකට වරක් සීනි කොලෙස්ටරෝල් පරීක්‍ෂාවන් සිදුකරගත යුතු තත්ත්වයට අමරපාල අයියා පත්ව සිටියේ වසර ගණනාවක සිට ය.

 එල්.පී. ගෑස් ප‍්‍රචලිත වන්නට පෙරාතුව දර ලිපෙන් වැඩ කරන හැත්තෑව දශකයේ මුල් භාගයේ අමරපාල අයියා බණ්ඩාරවෙල පැත්තේ තානායමක මුලූතැන්ගෙයි සහායක වරයකු වශයෙන් සේවයට එක් වන්නේ යාන්තම් වයස දහ අට සම්පූර්ණ වූ කොළු ගැටයකුව සිටියදීය.

 සහරාන්ගේ බෝම්බ සමූහය පුපුරා ගොස් එම දේහයන් සමගම තාවකාලිකව සංචාරක ව්‍යාපාරයද වැළලී ගිය පසුව අමුත්තන් නොමැති තානායමේ ඇතැම් විට මුරකාර භූමිකාවද තානායම් මුළුතැන් ගෙයි සේවකයන් හටම පැවරෙන තත්ත්වයක් උදාවූයේ ඉතාමත් ඛේදනීය ලෙසය.

 ‘‘…කිව්වම අහලා ගෙදර එන්න තාත්තේ… ඔය විදියට ? නිදි මරාගෙන තානායම මුර කරන්නයි දවල්ට ස්ටාෆ් එකට කෑම හදන්නයි තිියාගත්තාම තාත්තාට මොකද වෙන්නේ… අන්තිමේදි අසනීපයක් වුණොත් එයාලා තානායමට වෙන කෙනෙක් ගනීවි. තානායමට තාත්තා වටින්නෙ නැති වුණාට…..

 ‘‘…ඇති… ඇති.. දුවේ… නතර කර ගනිං උඹේ දේසනාව…..

 අමරපාල අයියා තම දියණිය නිහ`ඩ කළේය.

 පුද්ගලික රෝහල ඉදිරියෙන් බසයෙන් බැසගත් අමරපාල අයියා ඊස් මීස් නැතිව මහ මග දිවයන වාහන සමූහය දෙස පොඩි දරුවකු මෙන් බලා සිටියේය.

 වාහන ටයර වලටම ඇතිල්ලී පලින් පල මැකී ගිය සුදු ඉර හරහා පාර මාරුවූ අමරපාල අයියා පුද්ගලික රෝහලේ ප‍්‍රතාපවත් ගේට්ටුවෙන් ඇතුළු වූයේය.

 පුද්ගලික රෝහල් රසායනාගාරය පිහිටි පරිශ‍්‍රයට ඇතුළු වූ අමරපාල අයියා එකම දණ්ඩක ආසන කිහිපයක් සවිකළ ෆයිබර් අසුනක ඉ`දගත්තේ එන්නත් කාමරය අසල රුධිර සාම්පල ලබාදීමේ පෝලිම තරමක් දිගු නිසාය.

 ‘‘..මට ලේ සාම්පලේ දෙන්න වෙලාව හරියන්නේ දහයට… පෝළිමේ හිටියොත් වෙලාව පහු වේවිද?…..

 යාබද අසුනේ සිටිනා යාන්තමට බුලත් කහට රැු`දි දත් පෙළින් යුතු සරම කමීසයෙන් සැරසුණු වියපත් තැනැත්තා අමරපාල අයියාගෙන් විමසුවේ කනස්සලූ හ`ඩකිනි.

 ‘‘…කලබල වෙන්න එපා… දහයට තව විනාඩි විස්සක් විතර තියෙනවා නොවැ….

 අමරපාල අයියා පිළිතුරු දුන්නේ රෝහල් බිත්්ති ඔරලෝසුව දෙස බලාගෙනය.

 ‘‘..අපේ ගමේ ඉස්පිරිතාලෙ” ලේ වල සීනි බලවන්න විදියක් නැත්තෙ ඒවට ඕන කරන රසායනික කෙමිකල් ඉවර වෙච්ච නිසාලූ…..

 යාබද අසුනේ සිටිනා වියපත් තැනැත්තාගේ හ`ඩින් අමරපාල අයියා තිගැස්සුනේ අකුණු සැරයකට මෙනි.

 ‘‘…මොනවා..?….

 ‘‘…ඒක නේන්නම් අයියණ්ඩි… ඒ වගේම පුද්ගලික රසායනාගාර වලින් රුධිර පරීක්‍ෂාවක් කරන්න අය කරන ගාස්තුවත් රුපියල් දෙසිය පණහක උපරිමයක්ය කියලා පහුගිය දවස් වල පාලන මිලක් දාලා තිබුණා. දැන් ඒකත් හෙමිහිට අයින් කරලා ඒ වගේ දෙගුණයක් විතර ගන්නවා කියලා ආරංචියි සීනි ලේ එකක් බලවගන්නත්…..

 යාබද අසුනේ සිටිනා වියපත් මනුස්සයා අමරපාල අයියාට දුක කියන්නේ ලේ නෑයෙකුට මෙන්ය.

 ‘‘…ඉතින් බලන්න අයියණ්ඞී… අපේ බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ ඉසිපිරිතාල වලින් අපිට අංගසම්පූර්ණ බේතක් හේතක් ගන්න විදියක් නෑනේ… ඒ නිසානේ අපි මේ පුද්ගලික තැන් වලට සල්ලි පුදන්්නේ…..

 අමරපාල අයියා නැවතත් තැති ගත්තේය.

 ‘‘…ඉතින් ඔහේ ඔය කියන විදියට කෙමිකල් ඉවරනම් වෙලාවට ඒවා ඕඩර් කරලා ගෙන්න ගන්න එක ඒ ඒ රෝහල් බලධාරීන්ගේ රාජකාරිය නේද?….

 අමරපාල අයියා ගේ බ්‍රේක් නැති කටින් වචන විසි විය.

 ‘‘… කොහේද?..අපේ එහෙම නෑ නොවැ මහත්තයා… ගම්බද දුෂ්කර පළාත් බොහොමයකමත් දැන් පුද්ගලික ඩිස්පැන්සරි වැහි වැහැලා… නමුත් රසායනාගාර නෑ… ඉතින් ඒ හැම ඩිස්පැන්සරියකම ලෙඞ්ඩු බලන්නෙ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරුම නිසා” ඒ බලන ලෙඞ්ඩුන්ට ලේ මුත‍්‍ර පරීක්‍ෂණ නියම කරලා ලියලා දෙන්නේ ඉස්පිරිතාලෙන් කරගන්න කියලයි…

 ඉතින් ඒකෙන් වෙන්නේ අයියණ්ඩි… සාමාන්‍යයෙන් යමක් කමක් තියෙන නිසා ඉස්පිරිතාලෙට බරක් නොවී පුද්ගලික ඩිස්පැන්සරියෙන් බේත් ගන්න ආපු මනුස්සයාගේ ලේ රිපෝට් එකේ බරත් ඉස්පිරිතාලෙට පැටවෙන එකයි…..

 යාබද අසුනේ වියපත් මනුස්සයා තොර තෝංචියක් නැතිව කියාගෙන යනවා.

 ‘‘…ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ අයියණ්ඩි… ඉස්පිරිතාලෙ රසායනාගාරෙ පරීක්‍ෂණ ද්‍රව්‍ය ටික ටක්ගාලා ඉවර වෙනවා… මොකද මහත්තයා ගමේ පුංචි රෝහලකට ඉහළින් බෙහෙත් එවන්නේ රෝහලේ තියෙන නේවාසික රෝගී ඇ`දන් ගණනට අයිති

 රෝගීන් ගැන හිතලා අවම ප‍්‍රමාණයක් මිසක් පුද්ගලික ඩිස්පැන්සරි වලට යන්න පුුළුවන් මට්ටමේ හයියක් තියෙන අයත් ගැන හිතලා නෙමෙයිනේ අයියේ…..

 අමුත්තා පවසන අපබ‍්‍රංසය අමරපාල අයියාට හරිහැටි තේරුම් යන්නට ටික වෙලාවක් ගත වුණා.

 ‘‘…එතකොට ඔහේ කියන්නේ… පුද්ගලික ඩිස්පැන්සරියකට යන කෙනෙකුට බැරිවෙලාවත් රජයේ රෝහලකින් තමන්ගේ

 ලේ මුත‍්‍රා සාම්පලයක් බලාගන්න කියන එක වැරදියි කියලද?…..

 අමරපාල අයියා තවත් පැහැදිලි කරගන්න ඇහුවා.

 ‘‘…අනේ කොහෙත්ම නෑ… සමාවෙන්න අයියණ්ඩි. මම මේ කිව්වේ සමහරක් ඩිස්පැන්සරිවල ඇතැම් දොස්තර මහත්තුරු තමුන් ළ`ගට එන ඇති හැකි ලෙඞ්ඩුන්ගෙත් සාක්කුවට බර අඩු කරන්න ඉස්පිරිතාලෙන් රිපෝට් ගන්න ලියලා දෙන නිසයි… උදාහරණයක් හැටියට මටත් අද රුපියල් එක්දාස් ගාණක් ගෙවලා මේ ලේ පරීක්‍ෂණ වාර්තා ටික අරගන්න සිදු වුණෙත් අපේ ගමේ ඉස්පිරිතාලෙ සාම්පල බලන කෙමිකල් නැති නිසානේ අයියණ්ඩි…..

 වියපත් මනුස්සයා ඔහු අත රැු`දි දුර්වර්ණ ප්ලාස්ටික් කවරය විදහා වෛද්‍ය වාර්තා ගොන්නක් පෙන්වා සිටියා.

 …..කෝ… ඊළ`ග එන්න…..

 කොල පැහැති ලෝගුවක් අතරින් වචන නික්මුණා.

 සංවාදය පසෙකලා අමරපාල අයියා අසුනින් නැගී සිටියා.

 ඊළ`ග මොහොතේ අමරපාල අයියා තමුන්ගේ ලේ සාම්පලය ලබාදීමට රසායනාගාරයට පිවිසුණා.

 ‘‘…රිපෝට් එක අරගෙනම යන්න….‘

 රසායනාගාරයෙන් ලද නියෝගය මත අමරපාල අයියා නැවත කලින් අසුන්ගෙන සිටි ෆයිබර් පුටුවේම අසුන් ගත්තා.

 තමා රුධිර සාම්පලය ලබාදීමට ඇතුළට ගිය අතරේ තමුන්ට යාබද අසුනේ සිට ග‍්‍රාමීය රෝහල් රසායනාගාරවල තත්ත්වය ගැන කතා කළ අසරණ මනුස්සයා පිටව ගොස් තිබුණා.

 ඔහු පැවසූ කරුණු කෙතරම් සංවේදීද?

 රසායනාගාර වාර්තාව ලබා ගැනීමෙන් පසුව එන්නත් කටුවෙන් අත් බාහුව සිදුරු කළ තැන ආවරණය වෙන පරිදි දැමූ විනිවිද පෙනෙනා සුදු පැහැ ප්ලාස්ටරයත් යළි යළිත් අතට තෙරපා ගනිමින් අමරපාල අයියා නැවත බස්නැවතුම කරා ඇවිද එන්නට පටන් ගත්තා.

 ‘‘…ක්රීස්්… දඩබඩාස්…පී…ප්. පී…ප්… අයියෝ… බුදු අම්මෝ…..

 වාහන තිරිංග නලා හ`ඩත් සමග එක්වරම නැගුණු මිනිස් ලතෝනිය නිශ්චිතවම රිය අනතුරක පෙර ලකුණු කියා පෑවා.

 ‘‘…අහකට වෙනවකො අංකල්… ගාටන්නේ…..

 කම්පිත පදික ජනයා අමරපාල අයියාත් පසෙකට තල්ලූ කරමින් ඉදිරියට ඇදුණා.

 අමරපාල අයියාද ආයාසයෙන් සෙනග අතරින් රිංගා සිදුව ඇති හදිසි අනතුරු දර්ශන පථය පෙනෙන මානයට බැරි අමාරුවෙන් සමීප වුණා.

 මහ පාරේ මුනින්තලා වූ යතුරු පැදියක් ආසන්නයේම ගිනියම් තාරපාරේ විහිදුණු රතුලේ ධාරා හැරුණු විට එහි ගමන්ගත් කිසිවකුත් පෙනෙන්නට නැහැ.

 වේලාව දිවා මධ්‍යාහ්නයට ආසන්න නිසාදෝ විවිධ වාහන වල නලා හ`ඩවල් එකා පරයා එකා නින්නාද දෙමින් තමුන්ගේ වාහනයට ඉගිල යන්නට අවසර යදිමින් සිටියා.

 ‘‘…මොකක්ද අනතුර…..

 ‘‘….බයික් එකක් ඇවිත් කහ ඉර උඩදි වයසක මනුස්සයෙක්ව හැප්පුවා… බයික් කාරයම හැපුණු මනුස්සයා වානේක දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා…..

 අමරපාල අයියා වටපිට බැලූවා.

 කාපට් පාරේ සායම පිළිස්සුණු මැකී ගිය සුදු ඉර මත විසිවී වැටුණු දුර්වර්ණ ප්ලාස්ටික් ෆයිල් කවරය රසායනාගාර පරිෂ‍්‍රයේදී මෙන්ම අමරපාල අයියා දෙසට විවෘත වී තිබුණා.

 ‘‘…දෙයියනේ… මේ අර මට අයියණ්ඩි කීව මනුස්සයා…..

 අමරපාල අයියාට දෙළොව සිහිවුණා.

 තැතිගත් අමරපාල අයියා කහ ඉර මතදී යතුරුපැදියක හැපී අනතුරට පත් ඒ නන්නා`දුනනා මනුස්සයා සොයා යෑමට තීරණය කළා.

 ඔහුගේ අනන්‍යතාව ගැන අබමල් රේණුවක දෙයක් හෝ දන්නා තමාට මිනිසත් බවේ නාමයෙන් ඔහු වෙනුවෙන් කළ හැකි එකම උපකාරය එය නොවේද?

 අමරපාල අයියා වහා බිමට නැඹුරුවී බිම වැටී තිබූ දුර්වර්ණ ප්ලාස්ටික් ෆයිල් කවරය අහුලා ගත්තා.

 ‘‘…කොහාටද දන්නෑ පුතේ ලෙඩාව ගෙනිච්චේ නේද?…..

 අමරපාල අයියා පිරිස අතර හුන් නා`දුනන තරුණයකුගෙන් ඇහුවා.

 ‘‘…ලෙඞ්ඩු ගෙනියන්නෙ ඉස්පිරිතාලෙට මිසක් වෙන කොහාටද අංකල්.?….

 ගැටවරයා සවුත්තුවට වගේ කීවා.


 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment