බිරිද එල්ලා මරා සැමියාත් එල්ලිලා

2284

ලින්දර පමුණුවත්ත ප‍්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි බිරිඳ හා ස්වාමිපුරුෂයා මියගොස් ඇත. බිරිඳ ඝාතනය කිරීමෙන් පසුව ස්වාමිපුරුෂයා ගෙල වැල ලාගෙන ඇත. සාරියක් බෙල්ලේ ගැටගසා නිවසේ කාමරයක් තුළ බාල්කයක බිරි`දව එල්ලා ඇති අතර එම රෙදි කඬේම අනිත් පසින් ඔහු එල්ලී මියගොස් ඇත. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප‍්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් අනුව මීරිගම පොලිසිය විසින් සිදුකරනු ලබයි. මෙසේ මියගොස් ඇත්තේ ලින්දර පදිංචි එස්. එම්. මදුකා සජීවනී 23 හා පියුමාල් මධුෂාන් 32 එක්දරු යුවළකි. මොවුන් දෙදෙනාම වතුපිටිවල හා ලෝලූ‍වාගොඩ ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ රැකියා කරති.

කල්එළිය චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 


advertistmentadvertistment