බිරිඳගේ 12 හැවිරිදි නැගණිය පිහියකින් ඇන මරා දැමූ අයට මරණීය දණ්ඩනය

108

පවුල් ආරවුලක් හේතුවෙන් වසර 11කට පෙර ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 44 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ඝාතනයට ලක් වු දැරියගේ අක්කාගේ සැමියා වන අංක 78, බිසෝකොටුව, කොළඹගෙආර, උඩවලව ලිපිනයේ පදිංචි 44 හැවිරිදි මාවෙලගේ සංජීව රාජපක්ෂ නමැති අයෙකුටයි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙවිය.

මත්තල දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment