බිරිඳට පහරදී දහතුන් හැවිරිදි දියණියට හදි කළ කොස්තාපල් අත්අඩංගුවට

1706

සිය බිරිඳට පහරදී තම දහතුන් හැවිරිදි දියණිය ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන වව්නියාව ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවයෙහි නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (25දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයගේ බිරිඳ විසින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත 25 දින සවස සිදුකළ පැමිණිල්ලක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු තිස් අට වියෙහි පසුවන අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ(26දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර මේ පිළිබඳව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment