බිරිඳ කපා කොටා මැරූ සැමියා දිවි ඇති තෙක් මහඋළුගෙදර යවයි

59

සිය බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගෙන ගොස් ඇයව පිහියකින් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

මොහොමඩ් හෙමතුල්ලා මොහොමඩ් ෆර්ෂාඩ් නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරිය එම දඬුවම නියම කළාය.

2017.06.05 වැනිදා පැල්මඩුල්ල ප්‍රදේශයේ දී දොන් සුරංගනී නිරෝෂා කුමාරි හෙවත් පාතිමා නසීයා නමැත්තිය ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ එම නඩුවේදී රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය. එම විත්තිකරු නිරතුරුවම සිය බිරිඳ වන මරණකාරිය සමග අඬදබර ඇතිකර ගන්නා පුද්ගලයකු බවත් පැමිණිල්ලේ නඩු විභාගයේ දී අනාවරණය වී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment