බිරිඳ සමග දබර වී දුම්රිය වහලට නැග්ග පුද්ගලයා බිම වැටී රෝහලේ

414

ඊයේ (05දා) පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේ වහලයක් මතට නැග්ග පුද්ගලයකු ඉන් බිමට වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇත.

සිය බිරිඳ සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් කනස්සල්ලට පත්ව එම පුද්ගලයා දුම්රිය ස්ථානයේ අංක 05 සහ 06 වේදිකා මත පිහිටි වහලට ඊයේ උදෑසන 10 ට පමණ නැග තිබුණි. එහිදී ඔහු වහලෙන් ඉවත් කිරීමට මරදාන පොලිසිය සහ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වී ඇත. පෙ.ව 11.20 ට පමණ ඔහු වහලය මත ඇවිදින්නට පටන්ගෙන ඇති අතර එම අවස්ථාවේ ඇස්බැස්ටෝස් ෂීට් එකක් කැඩී ඔහු බිමට ඇද වැටී ඇත.

බිරිඳ සමග දබර වී දුම්රිය වහලට නැග්ග පුද්ගලයා බිම වැටී රෝහලේ

බිම වැටීමෙන් මෙම පුද්ගලයාගේ හිස පිටුපසට හානි සිදුව ඇති අතර පසුව ඔහු කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කළ බව දුම්රිය නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment