බිලියනයක ඉන්දීය ණයට කොන්දේසි සපුරන්න – කැබිනට් අනුමැතිය ඉල්ලයි

219

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ප‍්‍රධානීන් හමුවී තහවුරු කරගන්නා ලද ඩොලර් බිලියන එකක ණය සහනාධාර මාලාව වෙනුවෙන් සැපිරිය යුතු කොන්දේසි මාලාවක් ඇති බවත්, එම කොන්දේසි සැපිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ.

 ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම, සාම්පූර් පුනර්ජනනීය බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට යන කල් තබාම අත්සන් කෙරුණු කොන්දේසිවලට අමතරව ඩොලර් බිලියනයේ ණය සහනාධාරය වෙනුවෙන් තවදුරටත් කැබිනට් අනුමැතිය ලබාගත යුතු කොන්දේසි

 ගණනාවක් තිබේ. අද (28දා* දිවයිනට පැමිණෙන ඉන්දියානු විදේශ ඇමැති එස්. ජායිශංකර් මහතා ආණ්ඩුවේ නියෝජිතයන් හමුවීමට පෙර ඉහත සඳහන් කොන්දේසි සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයි  දැනගන්නට තිබේ.

 ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව නිරීක්ෂණය කරන ඇතැම් විශේෂඥයන් කියන පරිදි කැබිනට් අනුමැතිය ලබාගත යුතු කොන්දේසිවලින් සමහර ඒවා රටේ ආරක්ෂාවට දැඩි ලෙස බලපාන අතර ඒවා සම්බන්ධයෙන් ක්ෂණික තීරණයක් ගෙන කැබිනට් අනුමැතිය ලබාදීම රටේ ආරක්ෂාවට හිතකර වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඉන්දියාවෙනDO 228″ DORNIER RECONNAISS ENCE ගුවන් යානා ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කෙරෙන කැබිනට් පත‍්‍රිකාව දැක්විය හැකිය. මෙම ගනුදෙනුවේදී ඉන්දියාව මගින් DORNIER වර්ගයේ එක ගුවන් යානයක් නොමිලේ ශ‍්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කර තිබේ. මෙය නිෂ්පාදනය කිරීමට අවුරුදු දෙකක් ගතවන අතර එම කාලය තුළ ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉහත සඳහන් වර්ගයේ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට ණයට දීමට නියමිතය. එන්ජින් දෙකක් සහිත මෙම වර්ගයේ යානා ශ‍්‍රී ලංකාව අවට මුහුද ආවේක්ෂණය කිරීම සඳහා සහ ආපදාවලින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට නියමිතය. ණයක් වශයෙන් ලබාදෙන ඉහත සඳහන් ගුවන් යානය පිළිබඳ මෙරට ගුවන් හමුදාවට පුහුණුවක් ලබාදීම සඳහා ඉන්දියානු තාක්ෂණික නිලධාරීන් පස්දෙනකු මෙරටට පැමිණීමට නියමිතය. පෙර කී ගිවිසුමට අනුව තුන්වෙනි ගුවන් යානයක් ද ඉන් පසුව ඉන්දියාවෙන් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment