* පොලිසියට කිවොත් මරාදමන්නත් හදලා
පෙර රජ දවස ලක්දිව පාලනය කළ රජවරු රට පාලනයේදී සමාජය තුළ විනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප‍්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කළ බවට ඉතිහාසය තුළ ඕනෑ තරම් සාක්ෂි සොයාගත හැකිය. එවකට මෙරට පාලනය කළ රජවරුන් මෙන්ම අසැල්වැසි රාජ්‍ය වූ දඹදිව පහළ වූ බොහෝ පාලකයෝද රාජ්‍ය පාලනයේදී විනයට ලබා දී තිබුණේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ කාලේ ලංකාවේ සිටි කාන්තාවන්ට හිසේ පටන් පාදාන්තය දක්වා රන් ආභරණ පැළද වුවද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා තනියම නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකියාවක් තිබූ බව වැඩිහිටියෝ අප කියා දී ඇත. ඒ තරමටම පෙර රජ දවසේ සමාජය තුළ කාන්තාන්වට දැඩි ආරක්ෂාවක් පැවැති බව ඉතා පැහැදිළිය. එමෙන්ම සප්ත අපරිහානි ධර්ම මූලිකස්ථානයේ තබාගෙන දඹදිව රාජ්‍ය පාලනය කළ ලිච්චවී රජදරුවන්ද කාන්තාවට ප‍්‍රමුඛස්ථානයක් ලබා දීමට කටයුතු කළේ කුල කතුන් ආරක්ෂා නොකිරීම තුළ ඕනෑම රාජ්‍යක් බිදවැටෙන බව පිරිහෙන බවට ලෝකයාට කියා දෙමිනි. බුද්ධ දේශනාව තුළද මේ පිළිබ`දව මනාවට විග‍්‍රහ කර තිබේ.
එදා තත්ත්වය එසේ වුවත් වර්ථමානයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබේ. කාන්තාවට රන් ආභරණ පැළ`ද පාරේ යෑමට නොව නිවසට වී සිටීමටවත් නොහැකි වන තරමටම මිනිසුන් නොමිනිසුන් බවට පත්ව තිබේ. මුදල පසුපස හා ආශාවන් පසු පස පමණක් හඹා යමින් ගුණධර්ම අතහැර දමා කටයුතු කරන නොමිනිසුන් නිරතුරුවම කාන්තාවන් නොදරුවන් සිය බිල්ලට ගැනීමට මාන බලමින් සිටී.
පාඨක ඔබට අද අප මේ ලියන්නට යන කතාවද මීට වසර 18කට පෙර අගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයෙන් වාර්තා වූ ඉතා ශෝචනීය වූ පුවතකි. ඇති හැකි අයකුට කරදරයක් වූ අවස්ථාවකදී බොහෝ පිරිසක් පිහිටට ආවත් නැති බැරි අසරණ මිනිස්සු යම් අකරතැබ්බයකට පත් වූ අවස්ථාවේදී ඔවුන්ගේ පිහිටට එන්නට පිරිස් නොමැතිය.
41 හැවිරිදි ගුණපාලත්, සුමනාවතීන් පදිංචිව සිටියේ අගුණුකොලපැලැස්ස කච්චිගල්ආර ප‍්‍රදේශයේය. ගුණපාලටත් සුමනාවතීටත් පිරිමි දරුවන් දෙදෙනකු හා ගැහැනු දරුවන් දෙදෙනකු වීය. කුළී වැඩෙන් ජීවත් වූ ගුණපාල තමන්ට හැකි අයුරින් දරුවන් පෝෂණය කරමින් ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය.
දිනය 2002.09.05ය. ගුණපාලත් වැඩි මහළු පුතත් නිවසින් පිටව ගියේ කුඹුරු යායේ ගොයම් කැපීමේ කටයුතු සදහාය. එදින රාත‍්‍රි වෙනකම්ම කුඹුරු වැඩ පැවතුණි. රාත‍්‍රි 10.50ට පමණ ගුණපාලගේ වැඩිමල් පුතු නිවසට පැමිණියත් ගුණපාල පැමිණියේ නැත. නිවසේ සිටි සුමනාවතීත් දරුවන් සිව් දෙනා සමග නින්දට ගියේ ගුණපාල එන්න රැ වෙන බව දන්නා නිසාය. මෙතැන් සිට දියණියන් දෙදෙනාගේ සැබෑ නම් වෙනුවට බාල දියණිය ලක්මිණි ලෙසත් වැඩිමහළු දියණිය දිනේෂා ලෙසත් අප හදුන්වමු. වේලාව රාත‍්‍රි 11.00ට ආසන්න වෙද්දී එක සැරේටම නිවසේ දොරට යම් අයකු හයියෙන් තඩි බාන්නට වීය. ”දොර අරිනවා. අපි පොලිසියෙන්. දොර අරිනවා’’ මහ හයියෙන් මොර දෙන්නට විය. මහ රැ 11.00ට සිය නිවසට පොලිසියේ අයට පැමිණීමට හේතුවක් නොමැති බව සුමනාවතී කල්පනා කරන්නට විය. මොකක් හෝ දෙයක් වන්නට යන බව සිතුණු සුමනාවතී දැරියන් දෙදෙනා සිය පිටුපසට වන්නට තබාගෙන ගේ මුල්ලට වී නිශ්ශබ්දව සිටියේය. දොරට තඩි බෑම එන්න එන්නම වැඩි විය. අවසානයේ දොරට තඩි බෑමේ වේගය නිසා දොර උළුවස්සෙන් කඩාගෙන බිමට වැටුණි. නිවැසියන් බීරාන්තව කෑ ගසන්නට වීය.”අපි පොලිසියෙන්. කෑ ගහන්න එපා. එහෙම වුණොත් වෙඩි තියනවා’’ හය දෙනකු පමණ නිවසට ඇතුළු වෙමින් පැවසීය. නිවසට ඇතුළු වූ පිරිසේ නායකයා වූයේ එම ප‍්‍රදේශයේම තාවකාලිකව පදිංචිව සිටි නිහාල් ශාන්ත නැමති අයෙකි.
නිවසට ඇතුළු වූ මෙම පිරිස නිවසේ සිටි මව ඇතුළු දරුවන් සිව් දෙනාගේම මුව හා අත්පා ගැට ගසා එළියට ඇද දැමුවාය. පැමිණි අය නිවසේ අස්සක් මුල්ලක් නෑර පීරන්නට විය. දිනපතා කුලියක් මලියක් කර එදාවේල සොයාගෙන ජීවත් වූ ගුණපාලටත් සුමනාවතීටත් ගෙදර අරන් තියන්නට තරම් මුදලක් නොවීය. ගේ හරියටම තිබුණේ රුපියල් 2000ක මුදලක් හා සුමනාවතීගේ හා දියණියන් දෙදෙනාගේ කනේ තිබූ කරාබු ජෝඩු තුන පමණි. ගේ හැම තැනම ඇවිස්සුවත් රුපියල් 2000ක් හැරෙන්නට කිසිවක් පැමිණි පුද්ගලයන්ට සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ නිහාල් ශාන්ත නැමැත්තා 13 හැවිරිදි බාල දියණිය වූ ලක්මිණි අසලට පැමිණ ”ගලවපිය තොගේ කරාබු දෙක’’ කියා ඇයගේ කනේ දමාගෙන සිටි රුපියල් 3000ක් වටිනා කරාබු ජෝඩුව ගලවා ගත්තේය. ඉන් නොනැවතුණු මෙම පුද්ගලයා වැඩිමල් දියණිය වූ දිනේෂාගේ කනේ තිබූ රුපියල් 1000ක් වටිනා කරාබු ජෝඩුව හා සුමනාවතීගේ කනේ තිබූ රුපියල් 1100ක් වටිනා කරාබු ජෝඩුවද ගලවා ගත්තේය.
මින් නොනැවතුණු පැමිණි පිරිස 13 හැවිරිදි බාල දියණිය වූ ලක්මිණි නිවස පිටුපසට ඇදගෙන ගියේය. එහිදී ලක්මිණි බිම ඇද වැටුණාය. ඒ පිළිබදව තඹයකටවත් මායිම් නොකළ පැමිණි අයකු ඇයව බිම දමා ඇදගෙන ගියේය. ගේ පිටුපසට ඇදගෙන ගිය 13 හැවිරිදි දැරිය මේ පාපතරයන්ගේ දූෂණයට ලක් විය. පැමිණි කිහිප දෙනකුගේම ගොරහැඩි අත්වලින් කම්මුල් පහර කමින් දැරිය දූෂණය වන්නට වීය. වැඩිමහළු දැරිය වූ දිනේෂාටද එම ඉරණම එලෙසින්ම අත් වූයේ දැරියගේ මවත් වැඩිමහළු සහෝදරයන් දෙදෙනකුද බලා සිටියදීමය. සියල්ල අවසානයේ පැමිණි පිරිස මේ ගැන කාටහරි කිව්වොත් තොපි ඔක්කොම මරණවා කියා සියලූ දෙනාගේ අත්පා බැ`ද දමා පිටව ගියේය. පැමිණි පිරිසගේ පහර කෑමෙන් දැඩි ලෙස සියලූ දෙනා හෙම්බත්ව සිටියේය. මහ රැ මේ අයගේ පිහිටට එන්න කෙනකුද නොවීය. වැඩිමහළු දියණිය වූ දිනේෂා කෙසේ හෝ දෑත් බැද දමා තිබූ සිය ලණුව ලිහා ගත්තාය. පසුව ඇය අම්මාගේත් නංගිගේ හා අයියලා දෙන්නාගෙත් දැත් බැද තිබූ ලණු ලිහා දැමුවාය. දෑත් ලිහා දැමූ පසු දරුවන් සමග සුමනාවතී අසල්වැසි නිවසකට ගොස් මේ ගැන ඔවුන්ට කීවාය. වහා ක‍්‍රියාත්මක වූ අසල්වැසි නිවැසියා මේ පිළිබදව ගුණපාලට දැන්වීමට ගියේය. එතෙක් සියලූම දෙනාට නිවසේ සිටින ලෙස දැන්වීය. එළිවෙන්න ආසන්න වෙමින් තිබියදී ගුණපාලත් නිවසට පැමිණියේය. නිවසට ගොස් බලද්දී එහි සියලූ දෑ ඇද දමාය. අදින්නට කියා තිබූ රෙදි කඩමාළු ටිකත් ඉරා දමාය. දරුවන් පියා පැමිණි පසු ඔහු බදාගෙන අඩන්නට වීය. ”අනේ තාත්තේ අපිට මේ ගෙදර ඉන්න බෑ. අපි කොහේ හරි යමු. පොලිසි ගියොත් අපි මරණවා කීවා’’ යැයි දරුවන් පියා බදාගෙන අඩන්නට විය. පියකු ලෙස ගුණපාල ඒ සියල්ල දරාගෙන නිවසින් පිටව ගොස් පදලංගල කුට්ටිගල ප‍්‍රදේශයෙන් කුළියට නිවසක් සොයා ගත්තේය. මේ සිදුවෙච්ච දේට කරන්නේ කුමක්දැයි මහා ලොකුවට අවබෝධයක් ගුණපාලටත් නොවීය. දරුවන් හා බිරිද මරණ බයෙන් භීරාන්තව සිටීම ගුණපාලට වාවන්නේ නැති විය. මේ නිසා කළ යුතු පළමු කාරණාව නම් නිවසින් යෑම බව ගුණපාලද සිතීය. මේ නිසාම දරුවන්ද සමග ඇ`ද පුටු මේස හා රෙදි කඩමාළු ටිකත් පටවාගෙන ගුණපාල බිරි`ද හා දරුවන් සමග කුට්ටිගල කුළී නිවසට ගියේය. එම නිවැසියන්ද මේ අයගේ හැසිරීමේ වෙනසක් දැක ඒ පිළිබදව විමසා තිබේ. ගුණපාල ඔවුන්ට සිදුව ඇති සියල්ල අකුරක් නෑර පැවසීය. ”ඔයාලා පොලිසියට යන්න. ඔහොම ඉදලා හරියන්නේ නෑ. යන්න.. යන්න.. පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න’’ නිවැසියා ගුණපාලට උපදෙස් දුන්නේය. ඒ අනුව 2002.09.07 දින ගුණපාල බිරිදත් දරුවනුත් එක්ක අ`ගුණුකොළපැලැස්ස පොලිසියට ගොස් සිද්ධිය පිළිබ`දව පැමිණිල්ලක් කළේය.
පැමිණිල්ලට අනුව ළමා හා කාන්තා කර්යාංශයේ නිලධාරිණියක විසින් දැරියන් දෙදෙනා ඇතුළු පිරිසෙන් කටඋත්තර සටහන්
කරගැනීම සිදුකෙරුණි. එම අවස්ථාව වන විටත් දරුවන් සිටියේ දැඩි ලෙස භීරාන්තවය. කාමාතුරයන්ගේ වධ හිංසා හමුවේ දැරියන් දෙදෙනා ඒ වන විටත් හිටියේ පුටුවකවත් වාඩිවීමට බැරි තරම් අපහසුවකිණි. මෙහිදී පොලිසියට කටඋත්තර දෙමින් දැරියන් දෙදෙනා පවසා තිබුණේ නිවසට පැමිණි පිරිස් යළි දුටුවොත් හ`දුනා ගැනීමට හැකි බවත්, පැමිණි කිහිප දෙනකුම බොරු රැවුල් දමාගෙන සිටි බවත් අපව දූෂණය කරන අවස්ථාවේ අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ බොරු රැවුල් ගැළවී බිම වැටුණු බවත් පවසා තිබේ. පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු පොලිසිය විසින් දැරියන් දෙදෙනා රෝහල්ගත කිරීමටද කටයුතු කෙරුණි. අනතුරුව ලද පැමිණිල්ල පිළිබ`දව පොලිසිය විමර්ෂණ ආරම්භ කෙරුණි. එහිදී සිද්ධියට සැක පිට මාතර ප‍්‍රදේශයේ ස්ථිර පදිංචියේ සිට අ`ගුණුකොළපැලැස්ස කච්චිගල්ආර ප‍්‍රදේශයේ තාවකාලික පදිංචියට පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන අ`ගුණුකොළපැලැස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කෙරුණි. අනතුරුව එහිදී පැවති මූලික නඩු විභාගයේදී එක් සැකකරුවකු වූ 40 හැවිරිදි වනිගතුංගගේ නිහාල් ශාන්ත නැමති අයව දැරියන් විසින් හදුනාගනු ලබන අතර අනිත් සැකකරුවන් පස් දෙනාට එරෙහිව සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී නිදහස් කෙරුණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වූ නිහාල් ශාන්ත නැමැත්තාට එරෙහි චෝදනා 05ක් යටතේ නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුණි.
ඒ අනුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව න`ගා තිබූ චෝදනා 05ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් වී තිබුණි. නඩු නියෝගය ස`දහා කැ`දවනු ලැබුවේ 2021.02.09 වන දින පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්. අයි. කාලිංගවංශ මහත්මිය ඉදිරියේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය අමතමින් රජයේ අධිනිතීඥ ගෙවි`දු සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
”ස්වාමීනි චූදිතට චෝදනා 05කින් සමන්විත චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර තියෙනවා. එහි 1 හා 2 චෝදනා ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 364 (2) (උ) වගන්තිය සමග කිවයුතු 364(2) වගන්තිය යටතේ ද`ඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවත්, 3, 4 හා 5 චෝදනා ඉදිරිපත් කර ඇත්තේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 380 වන වගන්තිය යටතේ ද`ඩුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවත්ය. මේ වන විට දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිත චෝදනා 05 ස`දහාම වැරදිකරු කර තිබෙනවා. ඒ අනුව ස්වාමීනි 1 හා 2 චෝදනා රංචු ගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙන්නේ. එහිදී චූදිත පමණයි හ`දුනාගෙන තියෙන්නේ. රංචු ගැසී දූෂණය කියන එකෙන්ම පේනවා මෙම වරදේ තියෙන බරපතළකම. අනික මෙම වරද කරලා තියෙන්නේ වයස අවුරුදු 13 හා 14ක පසුවන කුඩා දැරියන් දෙදෙනකුට. මෙම දරුවන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල විශාල තුවාල සංඛ්‍යාවත් පවතින බව දක්වා තිබෙනවා. ඒ කෙරෙහි ඔබතුමියගේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය ඉතා බරපතළ චෝදනාවක්. ඒ නිසා සමාජයට පණිවිඩයක් ආදර්ශයක් ලබා දෙන ආකාරයේ දණ්ඩනයක් චූදිතට නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
චූදිතට නියම කරන ද`ඩුවම අඩු කරගැනීම වෙනුවෙන්ද චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර අනතුරුව ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලූ පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්. අයි. කාලිංගවංශ මැතිණිය චූදිතට ද`ඩුවම් නියම කිරීම සිදුකෙරුණි.
ඒ අනුව එක හා දෙක චෝදනාවන් ස`දහා චූදිතට වසර 12 බැගින් වසර 24ක බරපතළ වැඩ සහිත සිර ද`ඩුවමක් නියම කළ අතර එය වසර 12ක කාලයකදී සමගාමීව ගෙවී යායුතු බවටද නියම කෙරුණු අතර චෝදනා දෙක ස`දහා රුපියල් 10,000/= බැගින් රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03 බැගින් මාස 06ක බරපතළ වැඩ සහිත සිර ද`ඩුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව තුන, හතර හා පහ යන චෝදනාවන් ස`දහාද චූදිතට වසර 05 බැගින් වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළ අතර එය වසර 05ක කාලයකදී සමගාමීව ගෙවී යායුතු අතර ඉහත දඩුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම දඩුවම සක‍්‍රීය විය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කෙරුණි. එමෙන්ම චෝදනාවන් 03 ස`දහා රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර දඩ මුදල නොගෙවන්නේ නම් මාස එක බැගින් තවත් මාස තුනක බරපතළ වැඩ සහිත සිර ද`ඩුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම අගතියට පත් දැරියන් දෙදෙනා ස`දහාද රුපියල් ලක්ෂ තුනහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය චූදිතට නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනිතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.
චූදිතට එරෙහිව නියෝගය නිකුත් කෙරුණු අවස්ථාවේ අධිකරණයට චූදිතගේ බිරි`ද හා බිරි`දගේ මවද පැමිණ සිටි අතර චූදිතට තීන්දුව ලබා දීමෙන් පසු ඔවුන්ද හ`ඩමින් වැළපෙමින් අධිකරණයෙන් පිටව ගියේ අනේ මගේ දරුවා අහිංසකයා යැයි කියමිනි. ඒ දුටු අධිකරණයට පැමිණ සිටි බොහෝ දෙනකු පැවසුවේ අද මේ අය අ`ඩනවා වගේ එදා අගතියටපත් දැරියන් දෙදෙනාගේ දෙමාපියන් කොතරම් නම් දුක් වන්නට ඇතිද, අ`ඩන්නට වේදනාවට පත්වන්නට ඇතිද යන්නය. ඒ අතරේ ඇතැමෙන් පැවසුවේ මේ දුන්නු ද`ඩුවම හො`ද වැඩියි. මේ වගේ මිනිස්සු එල්ලා මැරිය යුතු බවද පැවසීය. කෙසේ වෙතත් චූදිතට ද`ඩුවම නියම කරන අවස්ථාව වන විට දූෂණයට ලක් වූ එක් දැරියක හා මව සසුන්ගත වී සිටීමද විශේෂත්වයකි. තවදුරටත් මේ කාලකණ්නි සමාජයේ ජීවත් වෙනවාට වඩා සසුන්ගතවී නිවන් මග යෑම වඩා උචිත යැයි ඔවුන් සිතන්නට ඇතිය..
සටහන – මත්තල
* දිලීප් එන්. ජයසේකර
|