බිළිඳු මළ සිරුරක් බල්ලෙක් ඩැහැගෙන යමින් සිටියදී ගම්මුන් බේරාගෙන

510

බිළිඳා වළ දැමුවැයි සැක කාන්තාවක් අත්අඩංගුවට

යාපනයේ නැගෙනහිර වත්‍රායන් ප්‍රදේශයේදී ළදරු මළ සිරුරක් බල්ලකු විසින් ඩැහැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් බල්ලාට පහර දී 2 දා මළ සිරුර බේරාගෙන තිබේ.

පසුව මේ පිළිබඳව ප්‍රදේශවාසීන් යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ. පොලීසිය ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ වත්‍රායන් ප්‍රදේශයේ කානතාවක් විසින් එම බිළිදු මළ සිරුර ඇගේ නිවස පිටුපස වළලා දමා තිබියදී වළ හාරා බල්ලකු විසින් එම බිළිඳු මළ සිරුරක් බල්ලෙක් ඩැහැගෙන යමින් සිටියදී ගම්මුන් බේරාගෙන මළ සිරුර රැගෙන ගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සිය සැමියාගෙන් වෙන්ව තනිවම ජීවත් වන කාන්තාවක් බවටද තොරතුරු හෙළි වී තිබේ. අදාළ කාන්තාව විසින් දරුවා ප්‍රසූත කරන්නට ඇතැයි සැකකරණ පොලිසිය ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කොට තිබේ. යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment