බි‍්‍රතාන්‍යයේ සහ අයර්ලන්තයේ තුරඟ තරග සඳහා යොදාගන්නා අසුන් ඝාතකාගාරවලදී ඝාතනය කරන බවට මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් බී බී සී රූපවාහිනියේ විමර්ශන කණ්ඩායමක් මෙම අසුන්ට හිමිවන බේදනීය ඉරණම හෙළිකර ඇත.
මෙලෙස ඝාතනයට ලක්වන අසුන් පුහුණුකර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ අසුන් පුහුණුකරන ප‍්‍රසිද්ධ පුහුණුකරුවන්ය. එරට ප‍්‍රකට පුහුණුකරුවකු වන ගෝර්ඩන් එලියට් මියගිය අශ්වයකු මත වාඩිවී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගියදා ප‍්‍රකාශයට පත්විය. බි‍්‍රතාන්‍යයේ ජාතික අශ්ව ශූරතාවලියේදී ජයලැබූ අසුන් තිදෙනකු පුහුණු කළේ එලියට්ය. එලියට් මළ අශ්වයකුගේ
ඇඟමත වාඩිවී සිටින ඡුායාරූපය ප‍්‍රකාශයට පත්වීම නිසා ලබන සැප්තැම්බර් තෙක් ඔහුගේ
සේවය නතර කර තිබේ. බි‍්‍රතාන්‍යය රජය ඩෲරි සහ පුත‍්‍ර සමාගම වෙත අසුන් ඝාතනය කිරීමේ බලපත‍්‍රයක් ලබාදී ඇත. මෙම අසුන් ඝාතනය කර ඇත්තේ මස් පිණිසය.
සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය
|