බීරුට් නගරයේ උද්ඝෝෂණයකට වෙඩි ප‍්‍රහාරයක් – 07 දෙනෙක් මරුට

179

ඉකුත් වසරේදී ලෙබනනයේ අගනුවර වන බීරුට් නගරයේ වරායේ සිදු වූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනිසුරුවරයාට එරෙහිව පෙරේදා (14දා) පැවති උද්ඝෝෂණයකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් තිබේ. ෂියා මුස්ලිම් කණ්ඩායම් විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ගොඩනැගිලිවල වහලවල්වල සිටි වෙඩික්කරුවන් පිරිසක් විසින් බව උද්ඝෝෂණය සංවිධානය කළ හිස්බුල්ලා කණ්ඩායම පවසයි.

 ඉකුත් වසරේ අගෝස්තු මාසයේ බීරුට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 219 දෙනෙකු මියගිය අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනිසුරුවරයා පක්ෂපාති ලෙස කටයුතු කරන බවට උද්ඝෝෂකයෝ පවසා තිබේ. කෙසේ වුවද එම විනිසුරුවරයාට මියගිය අයගේ පවුල්වල අය සහය පළ කර ඇති බව උද්ඝෝෂකයෝ කියා සිටිති. පෙරේදා පැවති උද්ඝෝෂණයට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයන් හේතුවෙන් මියගිය අය සිහි කිරීම සඳහා ලෙබනනය ඊයේ (15දා) ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කර තිබිණි. මෙම ප‍්‍රහාරයට ක‍්‍රිස්තියානි සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ බවට හිස්බුල්ලා කණ්ඩායම චෝදනා කර ඇත.

 සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment