‘බුද්ධ පූජාව’ කකුල් අස්සේ ගහගෙන ඇවිත්

600

අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත යැයි කියා කියමනක් ඇත. ඒ කියුම කට කහනවාට කියපු කතා නොවන බව සුපැහැදිලිය.

 මේ කියන තරුණිය අඳින්නේ කොට සායවල්ය. නැති නම් කොට කලිසම්ය. විවාහවී දරු පැටියකු ලැබුණත් අඳින පලඳින ක‍්‍රමය වෙනස් නොවූයේ අද කොයි කවුරුත් විළි වසා ගැනීම කෙසේ වෙතත් විළි සංගයක් නොමැතිව කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන නිසාය. කෑගල්ල ප‍්‍රදේශයේ ගමක ජීවත් වූ ඇය පබසරාය.

 ‘‘ළමයෝ දානෙ ලෑස්තියි. තිසුල ළමයට තී‍්‍රවිලර් එක අරන් එන්න කියපන්’’ මව කීවේ පන්සලේ පේරු දානේ ලෑස්ති කරමින්ය.

 ‘‘හරි අම්මෙ අම්මා ත‍්‍රීවිලර් එක ආවම දානේ ඉතිරි ටික අරන් එන්න. මමයි නංගියි බයිසිකලේ ගිහින් ලොකු හාමුදුරුවන්ට කියලා බුද්ධ පූජාව ලෑස්ති කරන්නම්’’ එසේ කියූ පබසරා ස්කූටි යතුරුපැදියේ නැගී පන්සලට ගියේ නැගණියත් නංවාගෙනය.

 ලොකු හාමුදුරුවන් මිදුල අමදිමින් සිටියදී යතුරුපැදිය පන්සල් මිදුලට ආවේය.

 ‘‘අපේ හාමුදුරුවනේ. දානේ අරන් ආවා. අම්මා මඟ’’ එසේ කියූ පබසරා ස්කූටි බයිසිකලේ සීට් එක ඇර බුද්ධ පූජාව වෙන් කළ ආහාර පාන අඩංගු භාජනය එළියට ගත්තාය.

 ‘‘මොනවද ඔය’’ ලොකු හාමුදුරුවෝ ඇසුවේ යක්ෂාවේශයෙනි.

 ‘‘බුද්ධ පූජාව හාමුදුරුවනේ’’ ඇය කීවේ ගණනකට නොගෙනය.

 අරන් පලයන් මළ දානේ…. තොපි හිතුවද කකුල් අස්සෙ ගහගෙන එන දානෙ කන්න අපි සත්තු කියලා. බුද්ධ පූජාව ඕකත් අරන් පලයන් යන්න. එන්න එපා පන්සල පැත්ත පළාතකවත්..

 ‘‘අබුද්දස්ස කාලෙ නොවැ’’ ලොකුහාමුදුරුවෝ පොඩිහාමුදුරුවන්ට කීවේ කෝපය නිවා ගනිමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment