ඉතිහාසයේ පටන් බුද්ධ චීවරයට නිගා කළ පිරිස අද මල් වට්ටි අටපිරිකර රැගෙන ඡන්ද හිඟමනේ යන්නේ කලිසම් ඇඳගෙන දැයි ප්‍රශ්න මතුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක පී.අයි. ටී. මහීලාල් සිල්වා මහතා ප්‍රශ්න කළේය .
කැලේ මාරු වුවත් කොටින්ගේ පුල්ලි මාරු නොවන බව සිහි තබා ගනිමින් රටේ ජයග්‍රහණය වෙනුවෙන් සිහිනුවණින් කටයුතු කරන මෙන් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක පී.අයි.ටී. මහීලාල් සිල්වා මහතා ඊයේ ( 17 වැනිදා ) එම අදහස් පළ කළේ දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී.අයි.ටී. මහීලාල් සිල්වා මහතා මෙසේද පැවසීය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ අතිජාත පුත්‍ර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය දැන් තහවුරු වී තිබෙනවා.රටේ සිව් දිග ජනතාව ජාති ආගම් භේදයකින් තොරව එතුමාගේ ජයග්‍රහණය වටා පෙළ ගැසී අවසන්.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ආදිවාසී ජනතාව මුහුණ දී ඇති සියලු ගැටලු විසඳීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා. එතුමා මේ රට තුළ සිටින කිසිදු ජනතාවක් අමතක කර නැහැ .
අද විශාල රැල්ලක් රට තුළ තිබෙනවා යැයි ජාතික ජන බලවේගය සඳහන් කලත් එහෙම දෙයක් සැබෑ ලෙස මහපොළොව තුළ නැහැ. ඔවුන් මාලිමාව සලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වුවත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තිබෙන්නේ සීනුව යටතේ. ඔවුන්ගේ ඉතිහාසය අපට අමතක නැහැ.
ඔවුන් ඉතිහාසයේ කැලෑ නීතිය ක්‍රියාත්මක පක්ෂයක්. විශේෂයෙන් ඔවුන් 88 -89 කාල සීමාව තුළ රටේ සම්පත් විනාශ කළ පක්ෂයක්. ඒ පිළිබඳ පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනවා.
ඒ වගේම ඔවුන් බෞද්ධ සංස්කෘතිය සහ ආගම විනාශ කිරීම සඳහා ඉතිහාසයේ සිටම කටයුතු කර තිබෙනවා. බණ දේශනා කල වරදට කළුකොඬයාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේට ඔලුවට වෙඩි තිබ්බේ ඔවුන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනතා සේවයට අත දුන් වරදට පොතුපිටිය පූජාරාමාධිපති බද්දේගම සුමන ස්වාමීන් වහන්සේලාගේ මුඛයට වෙඩි තිබ්බේ ඔවුන්. මේ ඉතිහාසයෙන් බිඳක් පමණයි.
බුද්ධ චීවරයට නිගා කළවුන් දැන් මල් වට්ටි, අටපිරිකර රැගෙන ඡන්ද හිඟමනේ යනවා. ස්වාමීන් වහන්සේට වැඳ ඡන්දය ඉල්ලන්නේ කලිසං ඇඳගෙනද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බුද්ධාගමට තැනක් නැහැ.
රටේ ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතු කාලයක් මේක. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ. උපාසක ලීලාවෙන් එන කොටින් ජනතාව හඳුනාගත යුතුයි.
හොඳ අත්දැකීම් ඇති, රට පාලනය කළ හැකි පිරිසක් ඉන්න, ලෝකය සමග ගනුදෙනු කළ හැකි හොඳම පිරිස ඉන්නේ සමගි ජන සන්ධානය තුළයි. ඔවුන් ඉදිරියේදී බලය ලබාගැනීම ස්ථීරයි. ඒ වටා පෙළ ගැසෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට ආදිවාසි ජනතාව ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.