බුදු දහම නුවණින් විමසන්න

259

බෞද්ධයන් හැටියට පෙනී සිටින අප කවුරුනුත් පාහේ උප්පත්තිය, මරණය, පරලොව, පුනරුප්පත්තිය, විඥානය, පින්, පව්, කුසල්, අකුසල්, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, ආදී කරුණු ගැන කතා කරමින් මත පළ කරමින් ලිපි ලියමින් වාද විවාද කරමින් සිටිනවා මිස වැදගත්ම කරුණ සැලකිල්ලට ගන්නේ නැත. නුවණින් විමසා බලන්නේ නැත. මේ නම් පංච උපාදානස්ඛන්ධයයි. උපාදානය නම් දැඩිව ගැනීමයි.

 දැඩිව ගන්නේ කුමකින්ද? මනසිනි. මනස යනු කුමක්ද?

 පංචඋපාදානස්ඛන්ධයෙන් බැහැරි මනසක් නොවේ. මනසින් බැහැරි පංචඋපාදානස්ඛන්ධයක් නොවේ. පංචඋපාධානස්ඛන්දයම මනසයි. මනසම පංච උපාදානස්ඛන්ධයයි මෙතැනම පටිච්චයකි.

 මනෝ පුබ්බංගමා ධම්මා යයි වදාරා ඇත්තේ විඥාන නාම රූපයෙන් බැහැරව දැනීම, දැනෙන ගතිය, ඇඟීම සිතීම නොවන හෙයිනි. දැනීමෙන් ඇඟීමෙන්, සිතීමෙන්, තොරව කිසිත් පැවසිය හැකි නොවේ වේ යැයි කිව හැක්කේ කවර මගකින්ද?

 පංච උපාදානස්ඛන්ධයේ උදාවීම බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ සමුදය යනුවෙනි. සමුදය සමුදයෝති අනනුස්සුසේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි, නිරෝධෝ නිරෝධෝති අනනුස්සුසේසු ධම්මේසු චක්ඛුං උදපාදි.. මේ බුදු වදන්ය.

 සමුදය කි‍්‍රයාත්මක වන්නේ කාම, භව, විභව තණ්හා තුළය. පංච උපාදානස්ඛන්ධයේ අනිච්ච, දුක්ඛ, අනන්ත තිලක්ඛණ පිළිබ`ද දැකීමෙන් කාම, භව, විභව, තණ්හා දුරුවෙයි. ඒ වූ පමණින් නිරෝධය නොවේ. මන්ද යත් පටිච්චසමුප්පාදය හා සුඤ්ඤතාව පසක් නොවන හෙයිනි. සුඤ්ඤතාව කාලය, වේගය ඉක්මවයි. අවකාශය යනු පදාර්ථයන්ගේ – ආපෝ, තේජෝ, වායේ, පඨවි – සුඤ්ඤත්වයයි. සුඤ්ඤතාව අවබෝධයෙන් සියලූ දිට්ඨි වාද භාව අභාව සංඤා සංඛාර විඤ්ඤාණ දුරුවී භව අවසන් වේ. පංච උපාදානස්ඛන්ධය කෙළවර වේ. මේ චිත්ත ප‍්‍රභාෂ්වරයි. අචින්තයයි. අමනසිකාරයයි, නිබ්බානයි. නිබ්බානං පරමං සුඛං

 සිදුහත් තවුසාණන් චතුරාර්ය සත්‍ය සාක්‍ෂාත් කොට ගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වූ වග අප කාගේත් පිළිගැනීමයි. මේ ඉතා පුළුල් විග‍්‍රහයකි. එහෙත් බුද්ධත්වය අර්ථවත් වන්නේ සම්බෝධියෙනි. සම්බෝධිය නම් ශාස්වත උච්ෙඡ්ද (ඇත-නැත) දෘෂ්ටි ඉවත දමා මජ්ඣිමා පටිපදාවෙන්, සම්මා දිට්ඨියෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් ප‍්‍රඥා මහිමයෙන්, පටිච්චසමුප්පාදය හා සුඤ්ඤතාව පිළිබඳ දැකීමයි. භවයෙන් මිදීමයි.

 භව නම් පටිච්චයේ වීමයි.

 කෙටියෙන් සලකන විට අවිiාව නම් පටිච්ච සමුප්පාදය හා සුඤ්ඤාතාව නොදැනීමයි. චතුරාර්ය සත්‍යය නොදැනීම අවිiාව හැටියට සැලකෙන්නේ පුළුල් අරුතිනි.

 උභය අන්ත දුරුකොට මජ්ඣිම පටිපදාවෙන් සම්මා දිට්ඨිය, සම්මා සතිය හා සම්මා සමාධිය තුළින් පටිච්චසමුප්පාදය හා එහි සුඤ්ඤතාව පසක් කොටගෙන චිත්ත ප‍්‍රභාෂ්වරයෙන් මනස නිවීම හැඳින්වෙන්නේ ප‍්‍රඥාවෙන් චේතෝවිමුක්තිය නමිනි. චිත්ත ප‍්‍රභාෂ්වරය නම් අචින්තයයි අමනසිකාරයයි.

 ප‍්‍රඥා විමුක්ති ඤාන දර්ශන මාර්ගය අද වැසී ගොස් ඇතැයි සිරි එදිරිසිංහ සිරිමතාණන් සිය අනිමිත්තයෙන් නිබ්බාන නැමැති ග‍්‍රන්ථයෙහි ස`දහන් කොට ඇත. මුද්‍රණය දිනුක නෙට්වර්ක්ස් පන්නිපිටිය.

 පටිච්ච සමුප්පාදය බුදුරදුන් හ`දුන්වා ඇත්තේ ඉදමපච්චයතාව යනුවෙනි. අරුත – මේ වනවිට මේ වේ, මේ නොවන විට මේ නොවේ යනුයි. අවිiාව වන විට භව වේ. අවිiාව නොවන විට භව නොවේ. අවිiා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං යනුවෙන් දක්වා ඇත්තේ ලෞකිකයන්ට ඒ දැක්විය හැකි වෙන මඟක් නොවන හෙයිනි. පටිච්චය කෙසේවත් පෙන්විය නොහැකියි. දැකිය නොහැකියි. බුදුරදුන් උපාය කෞශල්‍යයෙන් – යෝනිසෝ මනසිකාරයෙන් – අවිiා පච්චයා යනුවෙන් වදාරා ඇත. අවිiා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං යනුවෙන් ලක්‍ෂ වාරයක් කීවත් පටිච්චසමුප්පාදය අවබෝධ නොවේ.

 ඒ ප‍්‍රඥා මහිමයෙන් පසක් කළ යුතුය. ප‍්‍රඥාව යනු සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා සමාධිය තුළින් යථාව එනම් පටිච්ච සමුප්පාදය හා එහි සුඤ්ඤතාව දැකීමේ මානසික ශක්තියයි. බලයයි. යථාව නම් පටිච්ච සමුප්පාදය හා එහි සුඤ්ඤතාවයි. යථාව යමක්ද ඒ සාක්‍ෂාත් කළ උතුමා තථාගතයි.

 යෝනිසෝ මනසිකාරය යනු හැම අතින්ම විචාරයෙන් බලා මුලටම ගොස් කෙමෙන් සත්‍යය දැකීමේ සිහියයි. උදාහරණයට සතර මහා පදාර්ථ හා අවකාශය ගනිමු. ජලය යනු කුමක්ද? ගලායෑම, වැගිරීම, තෙත ගතිය, බර ගතිය හැරුණාම ජලය යැයි ගන්නේ කුමක්ද? එහි වාතය, පඨවිය හා තේජෝවාද වෙයි. වෙන්කර දකින්නේ, ගන්නේ කෙසේද? සෙසු පදාර්ථ ගැනද මෙසේය. අවකාශය යනු පදාර්ථයන්ගේ සුඤ්ඤතාවයි. කරුණු සලසුණු විට විදිලි කොටයි හෙණ පුපුරයි. කුණාටු ඇතිවේ. වැසි වසී. මේ වෙන්නේ කෙසේද? පටිච්චයේ වන්නේ සුඤ්ඤතාවයි. විශ්වය නම් සුඤ්ඤතාවයි. ඇස පියාගත් විටද වර්ණ පෙනේ. ඇස ඇර බැලූ විට ඒ වර්ණ කොහිද?

 සම්මා සතිය මනාව වටහා ගැනීමෙන් සම්මා සමාධියේ ප‍්‍රඥා මහිමයෙන් පටිච්චසමුපාදය පසක් කිරීමෙන් සුඤ්ඤතාව සාක්‍ෂාත් වන වග වටහාගත හැකියි. ප‍්‍රඥා විමුක්ති ඥාන දර්ශනය, එනම් යථාභූත ඥාන දර්ශනය සඳහා ගුඨ ගුප්ත, විශ්වාස, ඇදහිලි, පාරභෞතික සිද්ධාන්ත, ධ්‍යාන, අභිඤ්ඤා, මාර්ගඵල ආදිය අදාළ නොවන වග ඉහත ග‍්‍රන්ථයෙහි සඳහන් වේ.

 ති‍්‍රවිද්‍යාවෙන් චේතෝ විමුක්තිය. අභිඤ්ඤාවෙන් චේතෝ විමුක්තිය. උභතෝභාග චේතෝ විමුක්තිය. ප‍්‍රඥාවෙන් චේතෝ විමුක්තිය යනුවෙන් නිවන් මග හතර ආකාරයක් ති‍්‍රපිටකයෙන් හඳුනාගත හැකි යැයි වැඩිදුරටත් පෙරකී ග‍්‍රන්ථයේ සඳහන් වේ. ප‍්‍රඥාවෙන් චේතෝවිමුක්තිය හැර සෙසු තුනටම ධ්‍යාන, භාවනා, අභිඤ්ඤා, මාර්ගඵල, පාරමිතා ආදිය අවශ්‍ය වේ යැයි පැවසේ.

 ධම්මචක්ක පවත්තන සූත‍්‍රයෙන් දැක්වෙන්නේ ප‍්‍රඥා විමුක්ති දර්ශන මාර්ගයයි. එහෙත් ඒ විනාඩි හත අටකින් කියවා ගත හැකි සේ හකුළුවා සංයුක්ත නිකායේ අගට වන්නට යොදා ඇත. පටිච්චයටත් සුඤ්ඤතාවටත් ඇති බිය නිසා විය හැකියි.

 හේතුඵල වාදය ඉදිරිපත් කොට ඇත්තේ සංඛ්‍ය ඉසිවරයායි. එහි පටිච්චයක් සමුදයක් නිරෝධයක් නොවේ.

 සංඛත යනු පටිච්ච සෑදුනු දේ යනුයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි සම් මස් ලේ නහර ඇට තෙල් ගස් වැල් ආදියයි. සංඛාර යනු මනස පෙරටුව නැගුනු දේ ය. මේ පංච උපාදනස්ඛන්දයයි.

 සංඛත සංඛාර රටා අනන්තයි.

 පටිච්චිය අවබෝධ කරගෙන නොසිටියද මේ රටා හඳුනාගෙන සිටි ඉසිවරුන් ජ්‍යොතිෂ්‍ය ශාස්ත‍්‍රය, සාමුද්‍රික ශාස්ත‍්‍රය, දේහ ලක්‍ෂණ විiාව, යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රය නිපදවා ඇති වග අප නොතැකිය යුතු නොවේ. ඒ හෑල්ලූ බාල්දු කළ යුතු නොවේ. ලෞකික පැවැත්මට ඒ වැදගත් වේ. එහෙත් ලොව්තුරු මඟට අදාළ නොවේ.

 සංයුක්ත නිකාය, ගෝතම සූත‍්‍රය, පවාරන සූත‍්‍රය, සුසීම සූත‍්‍රය, ආණි සූත‍්‍රය, විභංග සූත‍්‍රය දීඝ නිකාය, මහා නිධාන සූත‍්‍රය, මජ්ඣිම නිකාය, මූලපරියාය සූත‍්‍රය, මහා සුඤ්ඤත සූත‍්‍රය, චුල සඤ්ඤත සූත‍්‍රය, අරිය පර්යේෂණ සූත‍්‍රය, සච්ච විභංග සූත‍්‍රය කියවා බැලීම ඉතා මැනවි.

 මේ ධර්ම කරුණු අඩංගු ලියවිල්ලක් මිස ධර්මය නොවේ. ධර්මය පොත පත ලියැවිලි ලියන්නේ නැත. දේශන පවත්වන්නේ නැත. ජනමාධ්‍යට එන්නේ නැත. ප‍්‍රචාරය වන්නේද නැත.

 ආගම දහම පටවලා ගැනීම මහා විපරිතයකි. අද මේ රටේ ඇත්තේ මේ විපරිතයයි.

 ‘‘බෞද්ධ’’ හණ යෙදූ පමණින් ආගම දහම නොවේ.

 නොයෙක් පුද පූජා, සද්ද පූජා, ප‍්‍රාර්ථනා, පිළිම, දාගැබ්, මහා ප‍්‍රකාර ආදියට ඥානය වඩවා, විපරීතය දුරුකොට, විමුක්තිය ලබාදිය හැක්කේ යෝනිසෝමනසිකාරය පුළුල් වීමෙන් විය හැකියි. පටිච්ච රටා ගැන සපිරි වැටහීමක් අපට කොයින්ද?

න.හෙළිඇසිරි
 
 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment