බුදු නෙතින් දුටු  දරිද්‍රතාවය නොහොත් දිළිඳුකම

727

දාළිද්දිය යන පාලි වචනයෙන් හඳුන්වන්නේ දිළිඳුකමයි. මෙය ඉංගී‍්‍රසි භාෂාවෙන් ‘Poverty’ යනුවෙන් හඳුන්වනු ලබයි. අප රටෙහි මෙන්ම සමස්ත ලෝකයාටම වෙනදාටත් වඩා මෙම මාතෘකාව අදාළ බව රහසක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරු කරගෙන පැතිකඩ කීපයක් ඔස්සේ මෙම මාතෘකාව පිළිබඳව සටහනක් කිරීමට අපේක්ෂා කරමි.

දිළිඳුකම යන්න මාවත් කිහිපයක් ඔස්සේ සාකච්ඡුාවට බඳුන් කළ හැකි මාතෘකාවකි. වර්තමානයෙහි එය බහුලව භාවිත කරනුයේ ආර්ථිකය පදනම් කරගෙනය. දිළිඳුබව ආර්ථික, සාමාජික, දේශපාලනික, ආධ්‍යාත්මික, භෞතිකමය ආදී පැතිකඩ ඔස්සේ විවරණය කළ හැකිය. ඇති, හැකි මිනිසුනට වඩා ලෝකයෙහි දක්නට ඇත්තේ නොමැති, නොහැකි මට්ටමේ මිනිසුන්ය. එබැවින් ඔවුනට එසේ වන්නේ ඇයිද? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද? යන්න ද වෙනදාටත් වඩා වසංගත රෝග තත්ත්වයන් හා යුදමය වාතාවරණයන් පවතින ලෝක තත්ත්වයක් මත අප විමසා බැලිය යුතුය.

තථාගතයන් වහන්සේ ලොව පහළවන විට භාරතය තුළ ද සමාජමය පැළැන්තීන් හතරක් සිටි බව අපි දනිමු. එනම්, බ‍්‍රාහ්මණ, ක්‍ෂතී‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙනි. මුල් සඳහන් කළ කුල තුනේ අයට දිළිඳුකම පිළිබඳ ගැටලූවක් විශාල වශයෙන් නොපැවතුනේය. ශුද්‍ර යන කුලයට අයත් හා පඤ්චම කුලයන්ට අයත් මිනිසුන්ට මෙම ගැටලූවට දැඩි ලෙස මුහුණ පෑමට සිදුවිය. පෙළදහමෙහි මෙම කරුණු පිළිබඳ විමසීමේදී දිළිඳුකම එයට පදනම් වූ හේතු සහ සමාජමය තත්ත්වයන් පිළිබඳ තොරතුරු එකතු කර ගත හැකිය. ථේරගාථා පාලියෙහි එන අනුරුද්ධ තෙරුන් වහන්සේගේ ප‍්‍රවෘත්තිය විමසීමේදී පෙනී යන්නේ පෙර බරණැස් නුවර දිළිඳු පවුලක උප්පත්තිය ලැබ අන්නහාර නමින් ප‍්‍රසිද්ධව සුමන නම් සිටුවරයෙකුට බැලමෙහෙවර කොට ජීවත් වූ බව සඳහන් කර ඇත. ආහාරපාන සඳහා නැතහොත් ජීවිකාව පවත්වා ගෙන යෑම සඳහා පමණක්ම බැලමෙහෙවර කිරීම කළ බව පැහැදිළි වේ. එයට හේතුව දිළිඳුකමයි. ලෝකයෙහි ද මෙබඳු සමාජ වාතාවරණයෙන් ජීවත් වන අය සුලභව දක්නට හැකිය. මූලික අවශ්‍යතාවන්ගෙන් ආහාර පමණක් සපයා ගැනීම සඳහා දිළිඳුකම පදනම් කරගෙන ඇති හැකි අයට සේවය කිරීමට, බැලමෙහෙවර කිරීමට සිදුව ඇති අය දක්නට ඇත. සුනීත තෙරුන් වහන්සේ ද පෙර භවයක පහත් කුලයක දිළිඳුව උපත ලැබ ආහාරපාන හිඟතාවයෙන් යුතුව පහත්

රැුකියාවක් ද සිදු කළේය. එය පරමල් අස්කිරීමයි. මිනිසුන් විසින් එය පිළිකුල් කරන ලද්දක් විය. යටහත් පහත් මනසකින් යුතුව බොහෝ දෙනාට වන්දනා කිරීමට ද ඔහුට සිදු වූ බව ථේරගාථා පාලියෙහි සඳහන් වේ. තමන් කරන රැුකියාව උසස් හෝ පහත් වීමක් සිදුකළ නොහැකිය. එය ධාර්මික අධාර්මිකත්වය මතම උසස් පහත් වන්නේය. පරමල් අස්කිරීම යනු අධර්මානුකූල

රැුකියාවක් නොවේ. එහෙත් ඔහුට සමාජය තුළින් ලැබුණු පිළිගැනීම ඉතා පහළ එකක් විය. රැුකියාව, වෘත්තිය මත කෙනෙකුගේ උසස් පහත් බව මනින ගතියක් ලෝකයේ බොහෝ රටවල්වල දක්නට ඇත්තකි. අප රටෙහි ද එපරිද්දෙන්මය. එය දියුණුවේ හෝ ධාර්මිකත්වයේ ලක්ෂණයක් නොවේ. ධනය, නිලය, කුලය, බලය, රැුකියාව ආදිය පදනම් කරගෙන පොහොසත්, දුප්පත් බව මනින ගතියක් සමාජය තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබේ. කර්මය මත පදනම්ව දිළිඳුබව ඇතිවීමට එක් හේතුවක් වන බව බුදුදහම පෙන්වා දෙයි. මජ්ක්‍ධිම නිකායේ එන චුල්ලකම්මවිභංග සූත‍්‍රය එයට නිදසුන් සපයයි. එහෙත් කර්මය මතම දිළිඳුකම ඇතිවේ යැයි බුදුදහම සඳහන් කොට නැත. දිළිඳුකම ඇතිවීම සඳහා වන හේතු මොනවා දැයි බුදුදහම පෙන්වා දී ඇත.

පුද්ගලිකව හා පොදුවේ බැලූ කල දිළිඳුභාවය ඇතිවීම සඳහා චර්යාමය කාරණාවන් පදනම් වන බව ද බෞද්ධ ඉගැන්වීම් නිදසුන් සපයයි. ‘‘අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති – අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති’’ ස්වකීය අයහපත් පැවැත්මෙන් නරක ප‍්‍රතිඵල ද යහපත් පැවැත්මෙන් හොඳ ප‍්‍රතිඵල ද ලැබෙන බව එයින් පෙන්වා දෙයි. මෙය දිළිඳුකමට ද අදාළය. ධනවත්කම් සහිතව සිටියත් පසුකාලීනව දිළිඳුබවට පත් වූ ධන කුවේරයන් වර්තමානයෙහි ද උදාහරණ ලෙස අපට පෙන්වාදිය හැකිය. ඔවුනට එසේ වී ඇත්තේ මත්ද්‍රව්‍ය, ස්තී‍්‍ර ධූර්තත්වය, සූදුව සහ අයහපත් මිතුරු ඇසුර ආදිය පදනම් කර ගෙනය. පරාභව සූත‍්‍රයේදී කෙනෙකුගේ පිරිහීමට බලපාන කරුණු රැුසක් බුදුදහම පෙන්වාදී ඇත. එසේම වර්තමානයෙහි ද ඉහත කරුණු පදනම් කරගෙන දිළිඳුබවට පත් වූ අය සමාජයේ විරල නොවේ. සමාජ ප‍්‍රභේද බැලූ කල දුගී පැලැන්තිය, මධ්‍යම පාන්තික පැලැන්තිය, ඉහළ පැලැන්තිය නොහොත් ධනවත් පැලැන්තිය ආදී වශයෙන් වර්ග කළ හැකිය. දිළිඳුකම තුළදී දුගී පැලැන්තිය සහ මධ්‍යම පාන්තික පැලැන්තිය දෙපැත්තෙන්ම තැලෙන පිරිසක් බව නොකිවමනාය. රාජ්‍ය පාලනයෙහි ඇති දුර්වලතාවයන් මත ද එකී රටවැසියන්ට දිළිඳුකම උරුමවන බවද ඉතිහාසය පිරික්සීමේදී මනාව පැහැදිළි වේ. භෞතිකමය නොහොත් පාරිසරික සම්පත් විනාශවීම මත ද දිළිඳුබව ඇතිවේ. සරල, සුගම ජීවන රටාවකින් තොරව කෘතිම ජීවන රටාවකට හුරුවීම මත බොහෝ දේවල් ලැබෙන තෙක් බලා සිටීමට අද අපට සිදුවී ඇත. අප රටෙහි මෑත කාලීන ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ පරිසර හානිය, කෘෂිකර්මය ආදියෙහි විනාශය සහ ඒවායෙන් අප ඈත්වීම මත වර්තමානයෙහි උද්ගතව ඇති යම් යම් ගැටලූවලට අපට මුහුණපෑමට සිදුවී ඇති බවයි. වංචාව, ¥ෂණය, නාස්තිය මත පදනම් ව ද පාලක, පාලිත දෙපක්ෂයටම දිළිඳුකමේ ප‍්‍රතිඵල වලට මුහුණපෑමට සිදුවන බව ඉතිහාසයෙන්ම තොරතුරු සොයා ගත හැකි. ගහකොළ, සිවුපා සතුන් ආදිය අමතක කිරීම මත අපට ආහාරපානාදියේ සිට සියල්ල එනතෙක්, ලැබෙනතෙක් බලා සිටීමට සිදුවී තිබීම කෙතරම් ඛේදජනකද? ජනගහන වර්ධන වේගය ද දිළිඳුබව වැඩිවීමට සාධකයක් වන බවද අමතක කළ නොහැකිය. නිසි කළමනාකාරීත්වයකින් තොරව කටයුතු කිරීම ද හේතුවක් වන බව සිහියේ තබා ගත යුතුය. සත්ත්වයා පස්ගෝ රස වලින් ඈත් වී කෘතිමකරණය වූ විට ආයුෂ ද පිරිහී ඉක්මනින්ම පරිහානිය කරා ළඟාවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත.

දිළිඳුකම යනු ආර්ථිකය මත පදනම් වූ කාරණයක්ම නොවේ. මිනිස් සිතුම් පැතුම්වල සිට සියල්ලම දිළිඳුකම ඇතිවීම සඳහා හේතු වේ. කෙනෙකු ආර්ථිකමය වශයෙන් පොහොසත් වුවත් ආධ්‍යාත්මික වශයෙන් දිළින්දෙක් විය හැකිය. යහගුණ, සාරධර්ම නොමැතිකම එයට හේතුවයි. දිළිඳුකම නැති කිරීම සඳහා බුදුදහම පෙන්වා දෙන කරුණු ඇත. ‘‘ඇති හැකි අය නැතිබැරි අසරණයන්ට උදව් කිරීම, උපකාර කිරීම ද එකකි.’’ එය දානය ලෙස බුදුදහම පෙන්වා දෙයි. එකතු කර ගොඩගසා හංගාගෙන එක් පිරිසක් හෝ තමන් පමණක් භුක්ති විඳීම දිළිඳුකම වැඩිවීමට හේතුවක් වේ. පමණ ඉක්මවා පරිභෝජනය ද දිළිඳුකමට හේතුවක් බව අමතක කළ නොහැකිය. දිළිඳුකමින් තොරවීම සඳහා පෙන්වා දෙන උපදේශ අතර, ඉහත සඳහන් කළ වැරදි කටයුතුවලින් ඉවත්වීමත්, දියුණුව ගෙන දෙන යහපත් කටයුතු සිදුකිරීමත් කළ යුතුය. නොකළ යුතු යැයි පෙන්වාදෙන වෙළඳාම් වලට වර්තමානයෙහි ලොකු අගයක් ලැබී සහ දී ඇත. මත්පැන් භාවිතය, අවි ආයුධ වෙළඳාම ආදිය ප‍්‍රධාන ලෙස ගණන් ගත හැකිය. දියුණුව සලසා ගැනීම උදෙසා උත්සාහවන්තභාවය සැමදෙනා තුළ පැවතිය යුතුය. එය ව්‍යාග්ඝපජ්ජ සූත‍්‍රයෙහි දී ‘‘උට්ඨාන සම්පදා’’ යනුවෙන් දක්වා ඇත. තමා සතු දේ නැති නාස්ති නොකර අවශ්‍යතාවය මත භාවිත කරමින් ආරක්ෂා කර ගැනීම කළ යුතුය. එය ‘‘ආරක්ඛ සම්පදා’’ නම් වේ. තමා සමීපව සිටින සහ උපදෙස් දෙන අය දක්වා යහපත් කළණ මිතුරන් යැයි හඳුනාගෙන හොඳ මිතුරු ඇසුරක් සහිතව දැක්මක් ඇතිව කටයුතු කිරීම කළ යුතුය. එය ‘‘කල්‍යාණ මිත්තතා’’ නම් වේ. ආදායමේ පමණට වියදම් කිරීමත් ඒවා සමබරව පවත්වාගෙන යාමත් සිදුකළ යුතුය. අය වැය යනුවෙන් හඳුන්වන්නේ එයයි. වැය කොටස වැඩිවී අය කොටස අඩු නම් තනි පුද්ගලයාගේ සිට සමස්ත පුද්ගල වර්ගයාටම දිළිඳුකමේ ප‍්‍රතිඵල අත්විඳීමට සිදුවේ. එබැවින් ‘‘සමජීවිකතාව’’ නම් වූ අය වැය නිසිලෙස පවත්වාගෙන යාම ද කළ යුතුය. බුදුදහම පුද්ගලයෙකුගේ ධනය මත ඔහු හෝ ඇය වර්ගීකරණයකට ලක් නොකරයි. හුදෙක්ම චර්යාමය කරුණුමත පදනම්ව නිසි ඇගයීමක් ලබාදීම බෞද්ධ දර්ශනයේ සුවිශේෂත්වයයි. ජීවන පැවැත්ම සඳහා ධනය අවශ්‍ය බව බුදුදහම පිළිගනියි. ධනය නොමැති වූ විට අපහසුතාවයන් වලට පත්වන බව ණය වීම හානිකර බව ද තවදුරටත් පෙන්වා දෙයි. තාලපුට තෙරුන් වහන්සේ ණය වලින් මිදීම කෙතරම් සහනදායී දැයි පෙන්වාදී ඇත. එය දක්වා ඇත්තේ ණය බරින් මිදීම ධනවතුන්ගෙන් පීඩා ලැබූ දිළින්දෙක් නිධානයක් ලැබූ පසු සතුටු වන්නේ යම් සේ ද එපරිද්දෙන් සතුටුවන බවයි.

ධනය නොමැතිකම අඩුපාඩුවක් ලෙස නොදකින බුදුදහම ධනය ඇති නැති සියල්ලන්ටම සමානත්වයෙන් සළකන අතර දිළිඳුකමින් යුතු අය පිළිබඳ සානුකම්පිතව කටයුතු කළ අයුරු පෙළ සූත‍්‍ර විමර්ශනය කිරීමේදී පැහැදිළි වේ. එය බුදුරජාණන් වහන්සේ පමණක් නොව ශ‍්‍රාවක සංඝයා තුළ ද දක්නට පැවති යහපත් ලක්ෂණයක් වී ඇත. ඛුද්දක නිකායේ උදාන පාලියෙහි එන කස්සප සූත‍්‍රය නිදසුනක් වශයෙන් සඳහන් කළ හැක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී තත්ත්වයට පත්ව එයින් අත මිදී පිණ්ඩපාතය සඳහා රජගහනුවරට වැඞීමට අදහස් කළේය. එම අවස්ථාවෙහි පන්සියයක් පමණ දිව්‍යාංගනාවෝ මහා කාශ්‍යප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීමට උත්සුක විය. එහෙත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ එම දානය ප‍්‍රතික්ෂේප කොට රජගහනුවර දිළින්දන්, දුගීන් වාසය කරන වීදියෙහි පිඬු පිණිස හැසිරුණු බව එහි සඳහන් වේ. එයට හේතුව වූයේ දිළිඳු බවට පත්, දුකට පත් අසරණ ජනයා වෙනුවෙන් කාශ්‍යප තෙරුන් වහන්සේට දානය පූජා කිරීමෙන් ලැබෙන මහඟු ආනිශංසය ලබාදීමත්ය. එයින් ඔවුන් එම අසරණ දුගී තත්ත්වයෙන් සසරෙහිදී මුදාලීම උන්වහන්සේගේ අරමුණ වූ හෙයිනි. මෙබඳු සූත‍්‍ර දේශනා රාශියක් උස් පහත් භේදයකින් තොරව සම සිතින් සමානාත්මතාවයෙන් බුදුදහමේ සැළකීම පෙන්වාදීම සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒ අතරට දිළිඳු, නැතිබැරි අය කෙරෙහි දැක්වූ සුවිශේෂත්වය මනාව තේරුම්ගත හැකිය.

දිළිඳු බව දුකට පත්වීමට හේතුවක් බව පැහැදිළිය. එහෙත් අප උත්සාහ කළ යුත්තේ දිළිඳු බවින් අතමිදීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්නයි. නුවණ මෙහෙයවා කටයුතු කළහොත් තම පමණ දැන කි‍්‍රයාකිරීමෙන් දිළිඳු බවින් අතමිදීමට හැකියාවක් ඇත. ණය වීම දිළිඳු බවින් අතමිදීමට හේතුවක් නොවේ. එය තවත් ගැටලූ රැුසකට හේතුවක් විය හැකිය. එහෙත් මිනිස් මූලික අවශ්‍යතාවයන්වත් සිදුකර ගැනීමට නොහැකි වන්නේ නම් පෞද්ගලිකව හා පොදුවේ අපට වැරදුන තැන තේරුම් ගෙන එයට පිළියම් සකසා ගෙන අනාගතයට මුහුණදීම කළ යුතුමය. දිළිඳුබව නොයෙක් පැතිකඩ ඔස්සේ මෙන්ම සෑම විෂයකටම බලපවත්වන කාරණාවකි. මෙම කෙටි ලිපිය තුළ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරු කර ගෙන දිළිඳුබව සහ එයට හේතු මෙන්ම ඉන් අතමිදීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ධර්මානුකූලව කෙටි සිහිකැඳවීමක් පමණක් සිදු කළෙමි.

‘‘ඓශ්චර්ය්‍ය තිමිරං චක්‍ෂුඃ – පශ්‍යත්‍යපි න පශ්‍යති

පශ්චාත් නිර්මලතාං යාති – දාරිද්‍ර ගුලිකාඤජනෛඃ’’

සම්පත් බහුලත්වය හෙවත් ධනය බොහෝ කොට ඇති කල්හි ධනය නමැති අඳුර නිසා ඇස සත්‍ය නොදකී. එහෙත් පසුකාලීනව දිළිඳුබව නමැති අඳුන් ගුලියෙන් ඇස මැදීමට ගිය කල්හි ඇත්ත ඇති සැටියෙන් දකී.

බුදු නෙතින් දුටු  දරිද්‍රතාවය නොහොත් දිළිඳුකම


බණ්ඩාරගම, කිඳෙල්පිටිය ශි‍්‍ර පුණ්‍යවර්ධනාරාමාධිකාරී. ජගද්දලා සමාජ සුබසාධක ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය ලේඛකාධිකාරී,
සියම්වංශාලංකාර සද්ධර්ම කීර්ති ශී‍්‍ර, රාජකීය පණ්ඩිත, දර්ශනපති, කථිකාචාර්ය
පූජ්‍ය අගලවත්තේ ඤාණවිමල ස්ථවිර

සම්බන්ධීකරණය – අචලා ඉරෝමි

මෙම දහම් පඩුරේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයන් වන DSI නිවසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment