කිළිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී පෙරේදා (26 දා) පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය රාමනාදන්පුරම් කල්මඩුනගර් – සම්බුකුලම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එස්. සුරේන්ද්‍රන් නමැති එක්දරු පියෙකි.
ඔහු රාත්‍රියේ බුලත් විටක් මිලට ගැනීම සඳහා ගමේ හන්දියේ වෙළෙඳ සැලක් වෙත ගොස් සිටියදී ඔහුට ලැබුණු දුරකතන ඇමතුමකට පිළිතුරු දීමට වෙළෙඳ සැලෙන් බැහැරට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි දෙදෙනකු ඔහුට පහර දී සියුම් ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇත.
සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මොහුව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන නොමැත.
රාමනාදන්පුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ