බූකිනපාසෝ රාජ්‍යයේ පිපිරීමකින් 60ක් මරුට

303

අප‍්‍රිකානු රාජ්‍යයක් වන බූකිනපාසෝ හි නිරිතදිගින් පිහිටි රත‍්‍රන් පතලකට අයත් තාවකාලිකව සකස් වූ වෙළෙඳසලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. බුකිනපාසෝ රාජ්‍යයේ නිරිතදිගින් පිහිටි බෝම්බ් බ්ලොරා ගම්මානයේ පිහිටි වෙළෙඳසලක මෙම පිපිරීම සිදු වී ඇති අතර එම වෙළෙඳසලෙහි තැන්පත් කර තිබූ ඩයනමයිට් තොගයකට ගිනි ඇවිලීම හේතුවෙන් පිපිරීම සිදුව ඇති බව වාර්තා වී තිබේ.

 මෙම පිපිරීමෙන් තුවාල ලැබූවන් කිහිපදෙනෙකු ළඟම පිහිටි රෝහලක් වෙත ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. පිපිරීමෙන් ගස් පෙරළී ගොස් නිවාස පොළවට කඩා වැටීමට හැකි තරම් ප‍්‍රබල පිපිරීමක් බව බලධාරීහු පවසති. ඩයනමයිට් තොගයට ගිනි ඇවිලීමත් සමගම ඉකුත් සඳුදා (21දා) මෙම පිපිරීම සිදුව තිබිණි. මෙම පිපිරීමෙන් මියගොස් ඇති අය අතර ළමුන් හා කාන්තාවන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඩයනමයිට් තොගයට ගිනි ඇවිලීමත් සමගම සිදු වූ පළමු පිපිරීමෙන් අනතුරුව තවත් පිපිරීම් ගණනාවක් සිදුව තිබෙන අතර එහිදී අවට සිටි ජනතාව සිය ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගොස් ඇති බව වාර්තා වී තිබේ. එරට බලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ. බුකිනපාසෝ රාජ්‍යයේ ප‍්‍රධානතම නිෂ්පාදනය මෙන්ම අපනයන ද්‍රව්‍ය වී ඇත්තේ රත‍්‍රන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment