හිටපු රාජ්ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු හා රුපියල් එක් ලක්ෂ හතලිස් තුන්දහසක් සමග කාර් රථයක්, ත්රී රෝද රථයක් හා යතුරු පැදි හතරක් අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩ, මිහින්තලේ, කරපික්කඩ, ගල්වලපාර මැදවච්චිය, වහමලුගොල්ලෑව, කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචි කරුවන්ය.
මැදවච්චිය නගරයේ පිහිටි දෝනි නැමති අනුවර්තන නාමයෙන් හදුන්වන ප්රධාන සැකකරුගේ නිවසේ ඊයේ (13) සවස මහා පරිමාණ ලෙස මෙම සූදු පොල පවත්වාගෙන යන බවට තොරතුරක් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිට ලැබී ඇත.
මෙම සූදු පොල මැදවච්චිය නගරයේ ටික කළක සිට පවත්වාගෙන ගොස් ඇත. අනතුරුව ක්රියාත්මක වුණ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායම මෙම සැකකාරිණිගේ නිවස වටලා ඇත.
ඒ වන විටත් නිවස තුල සූදු පොල පවත්වාගෙන ගොස් තිබුණි. එහිදී පොලිසිය විසින් මෙම දෝනි නැමැති ප්රධාන සැකකාරිණිය සහ ඇයගේ පුතා මෙන්ම තවත් සැකකරුවන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාරිණි මෙම සූදු පොල මැදවච්චිය තවත් එක් නම ගිය සූදු කරුවෙකු සමග හවුලේ සිදු කර ඇති බව ප්රධාන පොලිසි විමර්ෂණ වලදී හෙලි වී ඇත.
මෙම කාන්තාව තම නිවසට යාබද ත්රී රෝද රථ රියදුරන්ට සහ පෙට්ටිකඩ හිමිකරුවෙකුට මුදල් ලබා දී ආරක්ෂාව තහවුරු කරගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.