බූස්ටරේ නොගත්තොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

125

විනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව  පසුගිය වසර එකහමාරක කාලය තුළ දැක ගත හැකි වූ බවත්, එන්නත්කරණ වැඩපිළිවෙළේ තෙවන මාත‍්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු විය හැකි බවත් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ (12දා) දහවල් අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

‘‘මේ වන විට කොවිඞ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළේ අවසන් අදිරයට ලංකාව පැමිණ තිබෙනවා. අප තීරණය කළා ලංකාවේ වයස අවුරුදු 20ට වැඩි, මේ වන විට පළමු හා දෙවන මාත‍්‍රාව ලබා ගෙන තිබෙන සියලූ දෙනාට තුන්වන මාත‍්‍රාවක් විදියට බූස්ටර් එන්නතක් ලබා දෙන්න. ප‍්‍රතිශක්තිකරණය නැවත වැඩිකිරීම සඳහා තමයි එම එන්නත ලබා දෙන්නේ.

මේ වන විට ලංකාව තුළ තමන් ජීවත් වන ස්ථානයට සමීපව තිබෙන තමන්ට පහසු ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගිහිල්ලා බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ෆයිසර් එන්නත තමයි අපි බූස්ටර් එන්නත විදිහට ලබා දෙන්නේ, පසුගිය දවස්වල බොහෝ අය කිව්වා හොඳම එන්නත ෆයිසර් කියලා.

තුන් වන මාත‍්‍රාව ලබා ගන්න මුල් දවස්වල ජනතාවගේ තිබුණෙ අඩු උනන්දුවක්. ඊයේ වනවිට නැවත ඒ සඳහා උනන්දුවක් ඇති වී තිබෙනවා. ඊයේ තමයි වැඩිම එන්නත් ප‍්‍රමාණයක් බූස්ටර් එන්නත විදිහට ලබා දී තිබුණේ. මාත‍්‍රා 81208ක් ඊයේ (12දා* ලබා දී තිබෙනවා. මේ වන විට සමස්තයක් ලෙස බූස්ටර් එන්නත් මාත‍්‍රා 12,66000ක් ලබාදී තිබෙනවා.

දෙසැම්බර් අවසන් සති දෙකේදී රටේ බොහෝ දෙනකු විවිධ ආගමික සිද්ධස්ථානවලට, විනෝද චාරිකාවල, නෑ හිතවතුන්ගේ ගෙවල්වලට යනවා. අපට එය සීමා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙම සීමා කරන්න හැදුවත් පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක්කා, උත්සව කාලවලදී ජනතාව හැසිරෙන ආකාරය. ඒ අයගේ ගමන් බිමන්වල කිසිම අඩුවක් නැහැ. ඒ ගමන් බිමන් යන්න කලින් බූස්ටර් එන්නත ලබා දෙන්න අපි තීරණය කළා.

ඇඟලූම් කර්මාන්ත ශාලාවල, රජයේ ආයතනවල, ආර්ථික මධ්‍යස්ථාන වැනි ජනතාව බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානවල අයට අපි දැනුම් දෙනවා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගන්න කියලා. එය ලබා ගන්නේ නැතුව තමන්ගේ ගම්බිම්වලට යන්න එපා. ආගමික කටයුතු, විනෝද කටයුතු, නෑ ගමන් අපිට නීති රීති දාලා වළක්වන්න කිසිම වුවමනාවක් නැහැ. රජයක් විදිහට අපිට කරන්න තිබෙන්නේ බූස්ටර් එන්නතක් ලබා දීමයි. එසේ නොමැති වුවහොත් දෙසැම්බර් අවසාන සතියේ යළිත් සුනාමියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. සුනාමිය වළක්වගන්න තමයි බූස්ටර් එන්නත ලබා දෙන්නේ.

තෙවන මාත‍්‍රාව ලබාගත් අයට අතුරු ආබාධ ඇති වෙනවා කියලා විවිධ කටකතා, සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සත්‍යයෙන් තොරයි. රට වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ, එන්නත ලබා ගෙන පොදු ස්ථානවලට ගමන් කරන්න කියන එකයි.’’

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment