බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරි ධම්මිකට වැඩ කරන කාලේ ගිනි අවියක් දීලා තිබුණා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

140

වෙඩි ප්‍රහාරවලට ලක්වී මියගිය බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරි ධම්මික මහතාගේ ජීවිත අවදානම සලකා ඔහු සේවය කරන කාලසීමාවේදී ඔහුගේ ආරක්ෂාවට ගිනි අවියක් පවා ලබාදී තිබුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

ඔහු එම අවධියේදී යම් අයගේ තර්ජනවලට පවා ලක් වී සිටි බව දැන ගැනීමට ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මේ අතර ධම්මික මහතා රැකියාවේ නියැළි සිටි කාලයේදී ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවල ඔහුගේ වැරදි අඩුපාඩු දකින්නට නොලැබුණු බව බන්ධනාගාරය කියයි.

බූස්ස බන්ධනාගාරය තුළ වැඩිපුර පසුවෙන්නේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ රැඳවියන් යැයි ද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment