බෙංගාල බොක්ක කැලඹෙයි:අදත් පළාත් 4කට වැසි

128

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද (06 දා) දිනයේ ද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල විටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර් 40ක – 50 ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර මැයි 06 වැනිදා අද සිට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධව අවධානය යොමු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment