බෙන්තොට පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පෙලිස් පරික්ෂක වරයෙකු එම පොලිසියේ රාත‍්‍රි රාජකාරියේ යෙදී සිටියදි මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තෙ බලපිටිය ප‍්‍රදේශයේ පදංචි පනස් අට හැවැරසි බී සිල්වා නැමැති නිළධාරියෙකි. ඔහු ඊයේ (12) රාත‍්‍රියේ කාර්්‍යය භාර නිළධාරියා ලෙස එම පොලිස් ස්ථානයේ සේවය කර ඇත.
පසුව අද (13) අළුයම් කාලයේදී එම පොලිස් ස්ථානයේම රථවාහන අංශයට ගොස් ඇති ඔහු උදෑසන එම ස්ථානයේම ඇති මේසයක් උඩ ඔහු මියගොස් සිටියදි හමුවී ඇත.
මෙම නිළධාරියා මීට මාසයකට පෙර කොචිඞ් වෛරසය ආසාධනය වී සුවවී නැවත රාජකාරියට පැමිණ ඇති බව අණාවරණය විය.