බෙරිල් සුළි කුණාටුවෙන් 6ක් මරුට

146

කැරිබියන් දුපත් හරහා පැතිර ගොස් ඇති ‘බෙරිල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් ඇති අතර එක් දුපතක වැසියන්ගෙන් සියයට 90කට උන්හිටිතැන් අහිමි කර තිබේ. විදෙස් මාධ්‍යයට අනුව ශාන්ත වින්සන්ට් හා ග්‍රෙනේඩයින්ස් දූපත්වලට අයත් යුනියන් දූපතේ වැසියන්ගෙන් සියයට 90කගේ නිවාස ‘බෙරිල්’ සුළි කුණාටුව විසින් විනාශ කර දමා තිබේ. සුළි කුණාටුව හේතුවෙන් හටගත් ජලගැලීම්වලින් කැරිබියන් දූපත් කිහිපයක නිවාස හා මංමාවත් ජලයෙන් යටවී තිබේ.

ශාන්ත වින්සන්ට් හා ග්‍රෙනඩයින්ස් දූපත් සමූහයේ අගමැති රැල්ෆ් ගොන්සාල්වෙස්ට අනුව බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් මයිරියවූ හා කනවුවන් දූපත්වලට ද යුනියන් දූපතට සිදු වූ විනාශය හා සමාන වූ විනාශයක් සිදු වීමට ඉඩ ඇති බවට අනාවැකි පළ වී තිබේ. සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වී අතරමංව සිටි යුනියන් දූපතේ වැසියන් බෝට්ටු මාර්ගයෙන් ඉවත් කිරීමට බල්ධාරීන් විසින් පියවර ගෙන තිබේ. අදාළ සුළි කුණාටුව ජැමෙයිකාව, ග්‍රෑන්ඩ් කේමන්, ලිට්ල් කේමන් හා කේමන් බ්‍රක් යන දූපත්වලට කඩා වැදීමට නියමිතව ඇති බව කාලගුණ විද්‍යා නිලධාරීන් විසින් ඊයේ (03) අනතුරු අඟවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment