බෙල්ලනට චමල්ට හා කුමුදේශ්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

569

මාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බෙල්ලන, වෛද්‍ය චමල් සංජීව හා වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් යන මහත්වරුන්ට එරෙහිව මෙම විමර්ශනය පැවැත්වෙයි. විමර්ශනය සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන මණ්ඩලය හෙට (16 දා) රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.

ඒමන්ති මාරඹේ


advertistmentadvertistment