ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය අන්තර් සහයෝගයෙන් යුතුව ගොඩනැෙඟන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය 29 වැනිදා සිදු කෙරිණි.
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන් වහන්සේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.
එම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නිපුණතා සංවර්ධන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද එක් වූවාය.
වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විධිමත් කිරීමේ හා ඔවුන්ට අධ්‍යාපනික පහසුකම් නිසි පරිදි ලබාදීමේ අරමුණෙන් යුතුව බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා අතර පසුගිය දිනක පැවැත්වූ සාකච්ඡුාව අනුව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදුවිය.
සිරිමන්ත රත්නසේකර