බෙහෙත් ඉවරම නෑලු

119

ඉකුත් කොරෝනා වසංගත සමයේ රජයේ රෝහල්වල බෙහෙත් භාවිතය අවම මට්ටමක පැවතීම හේතුවෙන් තවමත් උග‍්‍ර බෙහෙත් හිඟයක් මෙරට නොපවතින බව බෙහෙත් නිෂ්පාදන ,සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙකු පැවසීය .

මේ වන විටත් රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් බොහොමයක ප‍්‍රමාණවත් තොග ගබඩාවල පවතින අතර රෝහල්වලට අවශ්‍ය බටහිර බෙහෙත් බොහොමයක් මෙරට බෙහෙත් නිෂ්පාදනාගාරවල නිපදවීම හේතුවෙන් බෙහෙත් අවශ්‍යතාවය සපුරාගැනීම අසීරු වී නැති බව එම නිලධාරිවරයා කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment