ගාලු මුවදොර අරගල භූමියට සහ අරලියගහ මැඳුර අසල අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කොළඹ හුණුපිටිය පෙරහැර මාවත සහ බේරේ වැව අතර පදික වේදිකාවේදී ඉකුත් 09 වැනිදා කිසියම් පිරිසකගේ පහර දීමට ලක්වූ පුද්ගලයකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මෙම පුද්ගලයා පහර කෑමෙන් අනතුරුව රාගම රෝහලට ඇතුළත් කර සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.
මියගිය අය කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. මෙය මනුෂ්‍ය ඝාතනයක් බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සමන් ගමගේ