බේස්බෝල් කිරුළට යුද නාවික ගැටුමක්

46

ජාතික සුපිරි ලීග් බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගය අද (11 වැනිදා) පැවැත්වේ.

යුද හමුදාව සහ නාවික හමුදාව අතර දියගම, ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් පූර්ව වටයේදී රණබිම බේස්බෝල් සමාජය පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම ද, රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව රණබිම බේස්බෝල් සමාජය සහ රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය අද පෙරවරු 8.30 පැවැත්වේ.

බේස්බෝල් කිරුළට යුද නාවික ගැටුමක්

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනු ශූරයන් සඳහා කුසලාන සමග රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමෙනු ඇත.


advertistmentadvertistment