බොක්සිං ක‍්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය සමග ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍යමය ප‍්‍රදානයක් ලබා දීම පසුගියදා (09 වැනිදා) සිදු කෙරිණි. එ් අනුව බොක්සිං ක‍්‍රීඩාවේ නිරත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 50,124,540/-ක මුදලක් ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප‍්‍රදානය කෙරිණි.
ජාතික ක‍්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප‍්‍රමුඛත්වය දිය යුතු කී‍්‍රඩාවන් කිහිපයක් පසුගියදා නම් කෙරණි. මහේල ජයවර්ධන මහතාගේ
සභාපතිත්වයෙන් යුතු එම කමිටුව මගින් නිර්දේශ කළ එම ක‍්‍රීඩාවන් අතරට බොක්සිං ක‍්‍රීඩාව ද ඇතුළත්ය. එ් අනුව මම ගිවිසුම්ගත වීම සහ මුදල් ප‍්‍රධානය සිදු කෙරිණි.
තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. මීට අමතරව මෙම අවස්ථාව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක‍්‍රීඩා සභාවේ නිලධාරීන් සහ ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූපය – කමල් වන්නිආරච්චි
|