බොදුනු අපට වැරදුණු තැන

53

උතුම් පුණ්‍යභූමියේ සුරැකීම, තමාගේ සුරැකීම සහ අන් අයගේ සුරැකීම සිහි කැඳවීම සියලු ජනී ජනයාට……

ධම්මං යේව නිස්සාය, ධම්මං සක්කාරොන්තෝ

ධම්මං ගරුකාරන්තෝ, ධම්මං මානෙන්තෝ, ධම්මං පූජෙන්තෝ, ධම්මං අපචායමානෝ, ධම්මධජෝ,

ධම්ම කේතු, ධම්මාධිපත්‍යයා, ධම්මිකං රක්ඛාවරණ ගුත්තිං සංවිදහස්සු

අන්තෝ ජනස්මිං

(සිංහල තේරුම)

ධර්මය ඇසුරු කොට,

ධර්මයට සත්කාර කරමින්,

ධර්මයට ගරු කරමින්,

ධර්මයට බුහුමන් කරමින්,

ධර්මයම පුදමින්,

ධර්මයටම යටත් පැවැත්මෙන්,

ධර්මයම ධජයක් කරගනිමින්,

ධර්මය කොන්තයක් කොට

ධර්මයට ආධිපත්‍ය කොට දස කුසල කර්මයන් සියලු ජනයාට ධාර්මික වූ රක්ෂාවරණ ගුත්තිය සංවිධාන කරව….

(බුදු වදන, දීඝ නිකාය 111,

චක්කවත්ථී සීහනාද සූත්‍රය 100 පිට)

අප ධර්මදීපය තුළ සහ ලෝකය තුළ උද්ගතවී ඇති අධාර්මික ක්‍රියාවන්ගේ අනිටු විපාකයන්ගෙන් අත මිදීම පිණිස බෞද්ධයන් වන අප සියලු දෙනා

(භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, ජනපති, අගමැති, මැති ඇමැති මවුපිය, දූ දරු, බිරිඳ, ස්වාමියා, ගුරු, ශිෂ්‍යය, සේව්‍ය, සේවක සියලු ජනී ජනයා)

තම තමන්ගේ යුතුකම් සිඟාලෝවාද සූත්‍රයට අනුව ඉටු කරමින් බුදු වදනට අවනත වෙමින් ගරු කරමින් මිථ්‍යා හා අසත්පුරුෂ අදහස් මත නොව (කොසොල් රජු මෙන් සතුන් මරා යාග හෝම බලි බිලි පූජා පැවැත්වීම නොව විශාකා, මල්ලිකා වැනි උතුම් ආර්්‍ය ශ්‍රාවිකාවන් මෙන් දන් පැන් පූජා කර) ප්‍රඥ්ඥාවෙන් යුතුව මේ එළඹෙන වෙසක් සතිය තුළ ආමිස නොව ප්‍රතිපත්ති පූජාවට හිත යොමු කර තිසරණ සහිත අෂ්ඨාංග උපෝසිතය සමාදන් වී වැඩි වී බුර බුරා නඟින රාග, ද්වේශ, මෝහ සීල බලයෙන් අඩුකර ගනිමින් අප සියලු දෙනාත් රටත්, ජාතියත්, ආගමත් රැකගැනීමට කටයුතු නොකළ හොත් සුප්පබුද්ද රජු, දේවදත්ත තෙරුන්, තෝදෙයිය බමුණා, චුන්ද සූකර, මාගන්ධියා, චිංචිමානවිකාව මෙන් අපාගත වනු නිසැකය.

සියලු දෙනා තුළ සුපහන් සිත් ඇතිව බුදු වදන තුළ හික්මුනු දමනය වූ පිරිසක් බවට පත් වූ විට මේ උතුම් පුණ්‍යභූමිය ධර්මදීපයක් වීම ඒකාන්තයි.

අනුනට වරද පටවමින් මේ ආ සසර ගමනේ වරද ඇත්තේ අප තුළය.

ජාතිපි දුක්ඛා (ඉපදීමේ දුක)

අප ඉපදුනේ කා නිසාවත් නොවෙයි අපේම තණ්හාවටයි.

කොහේ සිට කුමක් කර ආවාද, දැන් කුමක්ද කරන්නේ, කොහේටද යන්නෙ තවත් කබලෙන් ලිපට නොවැටී සතර අපා දුකින් නිදහස් වන මගට කටයුතු කිරීමට සියලු බොදුනුවන්ට සිත් පෑදේවා…

එවිට අන් අයටද යහපතක් වනු ඇත…

යෝචේ වස්සසතං ජීවේ…

දුස්සීලෝ අසමාහිතෝ …

ඒකාහං ජීවිතං සෙයියා…

සීලවන්තස්ස ධ්‍යායිනෝ …

(දුසිල්වත්ව සියක් වසක් ජීවත් වීමට වඩා සිල්වත්ව එක දවසක් ජීවත් වීම උතුම්ය.)
තෙරුවන් සරණයි ….!
ආරාණ්‍යවාසී හිමි නමක්

advertistmentadvertistment
advertistmentadvertistment