‘බොබ්මාලි’ අල්ලන්න පොලිස් මෙහෙයුම්

156

බේරුවල මුහුදේදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසිය අසූඅටක හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ බව කියන චිමින්ද කාබ්‍රේව් හෙවත් ‘බොබ්මාලි’ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මහජන සහාය පතයි.

බහුදින යාත‍්‍රා නියමුවකු බව කියන බොබ්මාලි 41 හැවිරිදි පුද්ගලයෙකි. මොහු නිසංසල මාවත, තලාහේන, මාලබේ සහ සපුමල් මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල යන ලිපිනයන් දෙකේ පදිංචිව සිටි අයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඉකුත් 31 වැනිදා බේරුවල මුහුදේදී ධීවර යාත‍්‍රාවක් සමඟ රුපියල් කෝටි දෙසිය අසූඅටක් වටිනා හෙරොයින් කිලෝග‍්‍රෑම් 288ක් අත්අඩංගුවට ගන්නා ලදි.

එම හෙරොයින් සමඟ සැකකරුවන් 05 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරු පිළිබඳ තොරතුරු වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහකාර අධ්‍යක්‍ෂ 0718592727 හෝ 011 -2343333 – 4 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment