‘බොබ්මාලි’ දින 7 ක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ

164

බේරුවල මුහුදේදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 288 ක් වටිනා හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන චමින්ද තාබ්‍රේව් හෙවත් ‘බොබ්මාලි’ දින 7 ක් රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මුහුදු මාර්ගය ඔස්සේ කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බොබ්මාලිගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

සැකකරු දක්‍ෂ බෝට්ටු පදවන්නකු වන අතර කාලයක සිට මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරු ඇල්පිටිය ප‍්‍රදේශයේ සැඟවී සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment