බොරතෙල් නැවට මුදල් ගෙවයි

259

මාසයක පමණ කාලයකට පෙර මෙරටට ළඟා වී තිබූ මෙට්‍රි‍ක් ටොන් අනූදහසක් පමණ ඇති බොරතෙල් නැව ඊයේ (27 දා) මිලදී ගෙන ඇත.

බොරතෙල් නැවේ ඉන්ධන අද (28 දා) ගොඩබෑම ආරම්භ කෙරේ. සපුගස්කන්ද පිරිපහදුව නැවත පිරිපහදු කටයුතු අද (28 දා) සිට ක්‍රියාත්මකයි. කළුතෙල් හා ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනය කර දින 07ක් පමණ ගත වනවිට ඩීසල් සහ පෙට්‍රල් නිපදවීම සිදුවන බව තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස පවතින බවත් ඩීසල් සංචිතවල අඩුවක් පවතින බවත්, එය ද අද (28 දා) ඉන්දියන් ණය ආධාර යටතේ ලැබෙන මෙටි්‍රක් ටොන් හතළිස් දහසක ඉන්ධන ප්‍රමාණය සමග තරමක් දුරට විසඳෙන බවත් ඔහු කීවේය.

ගොඩබාන ලද බොරතෙල් නැව පසුගිය අප්‍රේල් 26 වැනිදා මෙරටට පැමිණි බවත් එය රුපියල් බිලියන 25ක පමණ මුදලක් ගෙවා මාසයක් ඇතුළත එම මුදල් ඇමරිකන් ඩොලර් බවට පත් කර ඉන්ධන සමාගමට ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු කීය.

පවතින තත්ත්වය අනුව ඉදිරි දිනවලට සරිලන ඉන්ධන පැවතියත් ජුනි මාසය සඳහා ඉන්ධන ලැබෙන ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment