බොරැල්ල කනත්ත වටරවුමේදී දැවැන්ත ගසක් ඊයේ (23දා) උදේ 7.30ට පමණ කඩාවැටීමෙන් වාහන 7කට හානි සිදුවූ බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙහිදී මෝටර් රථ 3කට ද, ජීප් රථයකට ද, ත්‍රිරෝද රථ 3කට ද හානි සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ගස කඩාවැටෙන අවස්ථාවේ වර්ෂාවක් ද ඇදහැලුණු බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුමේ පැය 2කට අධික දැඩි රථවාහන තදබදයක් ද හටගැනිණි. වාහනවල රැකියා ස්ථානවලට යන පිරිස් අපහසුතාවට පත්වූහ. කඩාවැටුණු ගස ඉවත් කිරීමට කොළඹ මහනගර සභාවේ සේවකයන් හා කොළඹ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව කටයුතු කරන අයුරු දැකගත හැකි විය. මෙම සිද්ධියෙන් කිසිවකුටවත් තුවාල සිදුවී නැත. මේ පිළිබඳව බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා