බොරු බෝම්බ බියකින් ‘ඉන්දිගෝ’ ගුවන් ගමන නවතී

82

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සිට වරණාසි (බරණැස්) නගරය දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ‘ඉන්දිගෝ’ ගුවන් සේවයට අයත් යානයක බෝම්බයක් අටවා ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් එම යානයේ සිටි මගීන් 176 දෙනා හා සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉන් ඉවත් කිරීමට නවදිල්ලි ගුවන් තොටුපළේ නිලධාරීන් විසින් ඊයේ (28දා) පියවර ගෙන තිබේ. මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉවත් කිරීමෙන් පසු බලධාරීන් විසින් ගුවන් යානය දැඩි ලෙස පරික්ෂාවට ලක් කළද බෝම්බයක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර බෝම්බ පුවත අසත්‍යයක් බව තහවුරු වී තිබේ.

ඊයේ උදෑසන 5 ට පමණ අදාළ ගුවන් යානය ගුවන්ගත කිරීමට නියමිතව තිබියදී යානයේ බෝම්බයක් අටවා ඇති බවට තොරතුරක් ලැබී තිබේ. එම තොරතුර අසත්‍යයක් වුවද යානයේ සිටි මගීන් ඊයේ උදෑසන 11 ට පමණ වෙනත් ගුවන් යානයකින් වරණාසි නගරයට පිටත් කර යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment