බෝගහපැලැස්ස වන විනාශය නවත්වන්න

54

අභියාචනාධිකරණයෙන් වන සංරක්‍ෂණයට සහ පොලිස්පතිට නියෝග

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීති විරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට අද නියෝගයක් නිකුත් කරන ලදී.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ, බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපය සොරඟුණේ කුඩා කතරගම දේවාලයට අයත් බව සඳහන් කරමින් පිරිසක් විසින් වනාන්තර එළිපෙහෙළි කිරීම සහ ඉඩම් පැවරීම් සිදුකරන බවයි.

මේ තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම ජූලි මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment