ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් මාළු ඇල්ලීමට පෙරේදා (01දා) දියඹට ගිය බෝට්ටුවක් ලංකාපටුන විහාරස්ථානය පිටුපස ගල් පරයක හැපීමෙන් එහි ගමන් ගත් ධීවරයන් සිව්දෙනෙකු තම දිවි බේරාගෙන ඇත්තේ අසල තිබූ කුඩා දූපතකට පිහිනා යෑමෙන් බව ඊච්චලම්පත්තු පොලිසිය පැවසීය.
පෙරේදා (1 දා) සවස් වරුවේම සිද්ධිය නාවුක හමුදාවට දැනුම් දුන්නද මුහුදේ පැවැති රළු ස්වභාවය නිසා ධීවරයන් බේරා ගැනීමට නොහැකිවී ඇතත් ඊයේ (2 දා) උදෑසනම ගොස් ඔවුහු බේරාගෙන සේරුනුවර ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ