බෝතල් තුළ දියරයේ කෙසෙල් පැළ වැඩෙනවා… පටක රෝපණයට අලුත් පෙනුමක්

243

* පටක රෝපණ බඳුන් ඇතුළේ කෝලිකුට්ටු පැළවල  මන්දගාමී ගුණනයට පිළියමක්
 
 * අග‍්‍රස්ථය පලූදු කරලා පාර්ශ්වික අංකුර සක‍්‍රිය කරවනවා
 
 * එක අග‍්‍රස්ථයකින් පටන්ගෙන මාස හයකින් කෙසෙල් පැළ දහසක්
 
 * අවසාන අදියරේදී දියර රෝපණ යොදාගැනීමෙන් වියදම 60% ක් පමණ ඉතුරුයි, ගුණනයත් ඉක්මන්

බෝතල් තුළ දියරයේ  කෙසෙල් පැළ වැඩෙනවා...  පටක රෝපණයට අලුත් පෙනුමක්

ශ‍්‍රී ලංකාවේ සුලභව වගාකරන වාණිජ පලතුරු බෝග අතරින් කෙසෙල් හා අන්නාසි යනු ස්වභාවිකව වර්ධක ප‍්‍රජනනය හරහා තම වර්ගයා වැඩිකරගන්නා බෝග දෙකකි. අඹ, රඹුටන්, දූරියන් වැනි පලතුරු ශාකයන්ද බද්ධ පැළ හරහා වර්ධකව ප‍්‍රචාරණය සිදුකළද ඒවා මිනිසාගේ මැදිහත්වීම හරහා සිදුවන කෘතිම වර්ධක ප‍්‍රචාරණයන් සේ සැලකේ. සාමාන්‍යයෙන් ලිංගික ප‍්‍රජනනයේ ප‍්‍රතිඵලයක් ලෙස බීජ නිපදවමින් වර්ගයා බෝකිරීමට වඩා, වර්ධක ප‍්‍රජනන ක‍්‍රියාවලිය වේගවත්ය. මේ නිසා කෙසෙල් හෝ අන්නාසි වගාවක් ප‍්‍රසාරණය කරගැනීම, බීජ පැළ සිටුවා අඹ හෝ කජු වගාවක් වැඩිදියුණු කිරීමට වඩා පහසුය. කෙසේ වෙතත් ජනතාවගේ ඉල්ලූමට සරිලන පලතුරු නිෂ්පාදනයක් උදෙසා වගා පිහිටුවීමට වර්ධක ක‍්‍රමවේදය වුවද වේගය මදිවෙන තත්ත්වයක් දැන් උදාවී තිබේ. පැළ නිෂ්පාදන වේගය වැඩිකළ හැකි ක‍්‍රමවේදයන් සෙවීමට විද්‍යාඥයන්ව පොළඹවන්නේ මෙවැනි කරුණු කාරණාය.

බෝතල් තුළ දියරයේ  කෙසෙල් පැළ වැඩෙනවා...  පටක රෝපණයට අලුත් පෙනුමක්


පටක රෝපණ තාක්ෂණය හරහා  විද්‍යාගාර පරීක්ෂණ නළ හෝ ප්ලාස්කු තුළ පැළ බිහිකරන්නට හැකි බව විදු ලොවට අනාවරණය වී ඇත්තේ මෙම උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙහිදී කෙරෙන්නේ මවු ශාකයෙන් ලබාගත් කුඩා පටක කොටසක් ජීවානුහරණය කළ ජෙලි මාධ්‍යයක ගිල්වා වර්ධනය වීමට අවශ්‍ය පෝෂක හා හෝමෝන යනාදියත් සපයා ඉතා කෙටි කාලයක් තුළදී මවු ශාකයේ ගතිගුණ අංශුමාත‍්‍රයකින්වත් වෙනස් නොවුණු කුඩා පැළයක් ලබාගැනීමයි. එය පස් මාධ්‍යයකට මාරුකර හා අව්වේ තබා සවිමත්කර ඉක්මනින්ම ක්ෂේත‍්‍රයේ සිටවනු ලැබේ. වඩාත් ප‍්‍රවේසමෙන් බාහිර ක්ෂුද්‍රජීවී ආසාදනයන්ගෙන් තොරව මෙය සිදුකිරීම සඳහා, පටක රෝපණ ක‍්‍රමවේදයන් හසුරවන පැළ බෝකරන්නන් සතුව කුඩා ප‍්‍රමාණයේ විද්‍යාගාර පවා දැන් මෙරට තුළ තිබේ. ඔවුන් ආරම්භක පටකය ලෙස භාවිත කරන්නේ බොහෝවිට අග‍්‍රස්ථ අංකුරයකි. එයට හේතුව වන්නේ සීග‍්‍රයෙන් බෙදෙන ෙසෙල අන්තර්ගත අග‍්‍රස්ථ අංකුරය ශාක තුළ වෙසෙනා පරපෝෂිත වෛරසයන්ගෙන් පවා තොරවීමය. මේ අනුව අලූත බිහිවෙන ළපටි ශාක පරපුර වෛරස නොමැති නිරෝගී ශාක වේ. ඒවා යොදාගෙන වගාවක් පිහිටුවූවිට එය වෛරස් රෝග නොමැති නිරෝගී වගාවක් වෙනු ඇතැයි වැරදියට නොසිතිය යුතුය. ආසාදනය පසුව වුවත් විය හැකි අතර එය වැළැක්වීමට වෙනම ක‍්‍රියාමාර්ග ගැනීම වගාකරුගේ වගකීමකි.

බෝතල් තුළ දියරයේ  කෙසෙල් පැළ වැඩෙනවා...  පටක රෝපණයට අලුත් පෙනුමක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කලකට ඉහතදී නිර්දේශ කරන ලද ”අග‍්‍රා’’ නමැති කෝලිකුට්ටු ප‍්‍රභේදය දැන් වගාකරුවන් අතර හොඳටම ජනප‍්‍රිය වී තිබේ. මදය ඇතුළේ ඝනව හැපෙන පටක කොටස් තිබීම පැරණි කෝලිකුට්ටු ප‍්‍රභේදයන්හි ආවේණික ලක්ෂණයක්ව පැවතියත් අග‍්‍රා හි එම තත්ත්වය නොපිහිටයි. මෙහි පැළ නිෂ්පාදනයත් පටක රෝපිත ක‍්‍රමවේදය හරහා බහුලව සිදුවේ.

බෝතල් තුළ දියරයේ  කෙසෙල් පැළ වැඩෙනවා...  පටක රෝපණයට අලුත් පෙනුමක්

”මෙම ප‍්‍රභේදය පටක රෝපණය සඳහා දක්වන ප‍්‍රතිචාරය අනිත් කෙසෙල් වර්ගවලට වඩා බෙහෙවින් අඩුයි. ඒ නිසා සාපේක්ෂව වැඬේ ප‍්‍රමාදයි. දෙපාර්තමේන්තුවේ මෙන්ම පෞද්ගලික විද්‍යාගාරවලදී පවා එක අග‍්‍රස්ථයකින් පටන් ගත්විට අවසාන නිෂ්පාදනය පැළ 150-200 ක් විතර. මේ සංඛ්‍යාව මදි. ඒත් පටක රෝපණය හරහා පැළ නිපදවීමේ ක‍්‍රමයේ වාසි තිබෙනවා. ඒකාකාර පැළ ගහනයක් ලබාගන්න පුළුවන්. රෝග හා පළිබෝධකයන්ගෙනුත් පටක රෝපිත පැළ නිදහස්. ඒ නිසා ආරම්භක වගාව ඉතාම

 නිරෝගීයි. ඒ වගේම එකම කාලෙකදී අස්වැන්න ලැබෙනවා. අපි උත්සාහ කෙරුවා අග‍්‍රා ප‍්‍රභේදයේ පටක රෝපිත පැළ නිෂ්පාදනයේ දැනට තිබෙන මේ අඩු කාර්යක්ෂමතාව ඉහළ දමන්නත්, දැරිය යුතු වියදම අඩු කරන්නත් ක‍්‍රමවේදයක් සකසන්න.”

 මෙසේ පවසන්නේ අඟුණකොළපැළැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ශෂ්‍ය විද්‍යාව පිළිබඳ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ, ඞී. ඒ. ශිරාණි ය. කුඩා කඩුපත් මොරෙයියෙක්ගෙන් ලබාගෙන රෝපණ මාධ්‍යයක තැන්පත් කරන අග‍්‍රස්ථ පටක කැබැල්ලක් මාසයකට පසුව ඊළඟ රෝපණ මාධ්‍යය වන දෙවන උපරෝපනයට මාරුකිරීමේදී ඇය විසින් අග‍්‍රස්ථ විභාජකය හරහා පහළට යන සිරස් පැලූම් මගින් කොටස් හතරකට හෝ අටකට විච්ෙඡ්දනය කර ඉරණම විමසීම ඇයගේ අධ්‍යයනයේ මූලික කටයුත්තයි. මේ මගින් අග‍්‍රස්ථ විභාජකයට ඇතිවන ආතතිය හරහා එහි අග‍්‍රස්ථ ප‍්‍රමුඛතාව නොහොත් තනිවම ලියලා වැඞීමට ඇති විභවය බිඳීගොස් පාර්ශ්වික අංකුර ලියලා ඒමට වැඩි අවස්ථාවක් සැලසේ. සාමාන්‍යයෙන් ආරම්භක කැබැල්ල නොහොත් පූර්වකයේ දිග, පළල හා උස සෙන්ටිමීටර් 1.5 ක් පමණ වන අතර ඉදිරියට උපරෝපනයක් දක්වා සිදුකරන සෑම මාරුකිරීමකදීම ගුණනය වූ අංකුර හැකි උපරිම කොටස් ගණනකට සිරස්ව විච්චේදනය කිරීමෙන් වැඩි අංකුර සංඛ්‍යාවක්

 ලබාගැනීමටද ඇය කටයුතු කර තිබේ. මෙසේ මාස හයක කාලයක් තුළදී උපරෝපණ හයක් පසුකරන විට, ළපටි අංකුර එහෙමත් නැත්නම් කුඩා ප‍්‍රරෝහ 1000 ක පමණ සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනු ඇති බව ඇය පවසයි. සාමාන්‍යයෙන් කෙසෙල් උපරෝපනයට යොදාගන්නේ අංකුර දෙකක්වත් සහිත පූර්වකයන්ය. මෙම පර්යේෂණයේ සුලමුල පසුගියදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව වෙතද පර්යේෂණ පත‍්‍රිකාවක් ඇසුරෙන් ශිරානි මහත්මිය විසින් ඉදිරිපත් කර තිබිණ.

 පටක රෝපණ මාධ්‍යයන් යනු බොහෝවිට ජල්ලිමය ද්‍රව්‍යයන් වේ. එය ඝන කිරීමට යොදාගන්නේ මුහුදු පැළෑටි වලින් නිස්සාරණය කරගන්න ඒගාර් නම් සංයෝගයකි. මෙය මිල අධික ආනයනික සංයෝගයක් වන අතර දහස් ගණනින් පැළ සෑදීමේදී නිෂ්පාදකයින්ට ඒගාර් වෙනුවෙන් දැරීමට සිදුවෙන අධික මිල බොහෝවිට ප‍්‍රශ්නකාරීය.

 ”හයවෙනි රෝපණය විතර වෙනකොටනේ පැළ ගණන හුඟක් වැඩිවෙලා තියෙන්නේ. අපි හයවෙනි උපරෝපනයට ඒගාර් නොදා දියර මාධ්‍යයක් භාවිත කෙරුවා. සාර්ථකයි. දියර මාධ්‍යයේදී ළපටි පැළ කාර්යක්ෂමව පෝෂක උරාගන්නවා. ඒ නිසා ඉක්මනට ලොකුවෙනවා. ලොකු ප‍්‍රරෝහ ලැබීමේ අනෙක් වාසිය තමයි දැන් මේවා කෙළින්ම මුල් විකසනය කිරීමේ රෝපණයට යොදාගන්න පුළුවන්. ඝන මාධ්‍යයය පමණක් භාවිතා කෙරුවානම් මුල් ඇද්දවීමේ රෝපණයට මාරු කරන්න කලින් ”ප‍්‍රරෝහ දිගු කිරීමේ” රෝපනයකටත් යවන්න වෙනවා. එක රෝපණයක් මගහැර යන්න ලැබීමත් පැළ නිෂ්පාදකයන්ට වැඩි ලාභයක් ගෙනදෙන්නක්. මුල් ඇද්දවීම සඳහාත් දියර මාධ්‍යය සාර්ථකයි.”

 ගුණනය කිරීම් හරහා සනාථ වී ඇත්තේ හයවෙනි උපරෝපනය සඳහා ඒගාර් භාවිත නොකිරීම මත මුළු කාර්යාවලියට වැයවෙන ඒගාර් ප‍්‍රමාණයෙන් 61% ක් පමණ ඉතිරිවන බවයි. මීට අමතරව කොටස් අටකට අංකුර විච්ෙඡ්දනය කරමින් උපරෝපණ 6 ක් හරහා යෑමේදී සාමාන්‍ය ක‍්‍රමයට වඩා පස් ගුණයක් වැඩි පැළ සංඛ්‍යාවක් අඩු කාලයකදී බිහිකර ගැනීමේ වාසිය ද පැළ නිෂ්පාදකයා සතු කරගත හැකිය.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment