බෝවන රෝග නිට්ටාවට සුවකරන රන් රස ප්‍රතිකාරය

463

ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස රස වෙදකම හඳුන්වයි.

 රන්, රිදී, මුතු, මැණික්, රසදිය ආදිය භාවිතා කරමින් රාවණා රජතුමා විසින් මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කර ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ.

 එම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය යටතේ වර්තමානයේද රස වෙද ප්‍රතිකාර වර්ග කිහිපයක්ම රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබයි.

 එම ප්‍රතිකාර අතර රන් රස ප්‍රතිකාරය රස වෙදකමේ තවත් එක් විශේෂ ප්‍රතිකාර ක්‍රමයකි.

 රස වෙදකම බහුලව භාවිතා කරන්නේ රක්ත ශෝධනය සඳහාය. එනම් රුධිරයේ ඇති විෂ සහිත කොටස් ඉවත් කිරීමටය.

 අපගේ සිරුරට විෂ ඇතුළු විය හැකි අවස්ථා අතර බෝවන රෝගද එක් අවස්ථාවකි. සෙම් ප්‍රතිෂ්‍යාව, පැපොල, සරම්ප, ඩෙංගු, කොරෝනා ආදී වෛරස රෝග මෙන්ම කැස්ස රෝග ආදියද බෝවන රෝග ගණයට අයත්ය. එසේම ඉනා බෙහෙත්, වශී ගුරුකම් සඳහා භාවිතා කරන ද්‍රව්‍යද ශරීර ගතවීමෙන් රුධිරයට විෂ ඇතුළුවේ.

 රන් රස ප්‍රතිකාරය

 බෝවන රෝගයක් වැළඳී ඊට ප්‍රතිකාර ලබා සුවපත්වූ අයකු එම රෝගය නිසා පසුකාලීනව විවිධ අතුරු ආබාධවලට ලක්විය හැකිය. එය වළක්වාලීම සඳහා රන් රස ප්‍රතිකාරය භාවිතා කරනු ලබයි. එනිසා මෙය රෝගයක් නිට්ඨාවටම සුවකරන ප්‍රතිකාරයක් ලෙස සලකයි.

 මෙම ප්‍රතිකාර ක්‍රමයේදී පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට සකස් කළ ඖෂධ සමග රසදිය රෝගියාගේ අත්ල මතට දමනු ලබයි.

 රසදිය කිසිදු ද්‍රව්‍යයක් සමග මිශ්‍ර වී දිය නොවන ප්‍රබල ද්‍රව්‍යයකි. නමුත් එය පාරම්පරික ඖෂධ වට්ටෝරුවට අනුව සකස් කළ ඖෂධය සමග මිශ්‍රව දියවේ.

 එනිසා අත්ලමතට දැමූ රසදිය දියවී රෝගියාගේ සිරුරට ඇතුළුවේ. ඉන්පසු එය අත දිගේ උරහිස දක්වා ගමන් කර බෙල්ල ආසන්නයට පැමිණේ.

 එසේ පැමිණි පසු රෝගියාට නිදිමත ඇතිවී නින්ද යයි. එම නින්ද පැය භාගයක් හෝ විනාඩි 45 ක් පමණ පවතී. ඉන්පසු රෝගියා අවදිවන්නේ පැය ගණනක සුවබර නින්දකින් ලද ප්‍රබෝධමත් බවකිනි.

 මෙලෙස රෝගියා අවදි වන විට රසදිය සිරුර පුරා ගමන් කර සිරුරේ ඇති විෂ ශෝධනයට ලක්කර අවසන්ය. එනම් සිරුරේ ඉතිරිව ඇති සුළු හෝ විෂ සහිත කොටස්ද විනාශ කර තිබේ.

 සිරුර තුළට ඇතුළු කළ රසදිය ඉවත් කිරීම සඳහා රෝගියාගේ දෙපාවල මහපට ඇඟිලි දෙකට ගොම භාවිතා කරයි. එය බුලත් කොළයක් හෝ කෙසෙල් දල්ලක් මත තබා බැඳ ඉන්පසු රෙදි පටියකින් බඳිනු ලබයි.

 මෙම ගොමවලට සිරුර තුළට ඇතුළු වූ රසදිය  උරාගනී.

 ඉන්පසු එම ගොම ජලය පිරි භාජනයකට දමා සෝදා ඉවත් කරයි. අවසානයේදී එම භාජනයේ ඉතිරිවන්නේ සිරුරට ඇතුළු කළ රසදිය පමණි.

 මෙම ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ ඒ සඳහා සකස් කළ විශේෂ ඇඳක් මත රෝගියා නිදිකරවාය.

 එසේම රෝගියා සමග එන භාරකරුටද ප්‍රතිකාරය සිදු කරන අයුරු දැක බලාගත හැකිය.

 මෙහිදී ගොම, බුලත් කොළ හෝ කෙසෙල් දලු  රෝගියාට ගෙන එන ලෙස පවසන්නේ ප්‍රතිකාර ක්‍රමයේ විශ්වාසනීයත්වය රෝගියා තුළ ඇති කිරීමටය.

 එසේම ප්‍රතිකාර සඳහා යොදාගත් රසදිය ප්‍රමාණය නැවත සිරුරින් පිටව ඇතිදැයි කියා හඳුනා ගැනීමට ගොම සෝදා හරිනු ලැබූ භාජනයේ තැන්පත් වූ රසදිය ප්‍රමාණය පරීක්‍ෂාවකට ලක් කරනු ලබයි.

 එම පරීක්‍ෂාවේදී සිරුරට ඇතුළුවූ රසදිය ප්‍රමාණය යළි ඉවත්ව ගොස් ඇති බව තහවුරුවේ.

 මෙම ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ වයස අවුරුදු 16 ඉක්මවූ අයටය. එසේම මෙම ප්‍රතිකාරය එක් වරක් පමණක් සිදුකිරීම ප්‍රමාණවත්ය.

 බෝවන රෝගයක් වැළඳී සුවවීමෙන් පසු සිරුර තුළ ඉතිරිවිය හැකි රෝගයට අදාළ වෛරසයේ ඉතා අංශු මාත්‍රයක හෝ කොටසක් ඇත්නම් ඒවාද මෙම රන් රස ප්‍රතිකාරය මගින් විනාශ කර දමයි. එනිසා එම රෝගයෙන් පසු අතුරු ආබාධ ඇති වීමට ඇති හැකියාව මෙම රන් රස ප්‍රතිකාරය මගින් සම්පූර්ණයෙන්ම නැතිකර දමයි.

 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0112431530 ඇමතිය හැකිය.

බෝවන රෝග නිට්ටාවට සුවකරන රන් රස ප්‍රතිකාරය

වෛද්‍ය පියල් එදිරිසිංහ
 කොළඹ විශ්වවිද්‍යාලයේ
 දේශීය වෛද්‍ය විද්‍යායතනය (DA)
 බොලරුස් (MD)

advertistmentadvertistment
advertistmentadvertistment