අදට යෙදී ඇති බිනර පොහොය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් බෞද්ධාලෝක මාවතේ ධර්මායතන විහාරය වෙත ධර්මචක්ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාවක් අද පිරිනමන ලදී. විහාරාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් එය භාරගත් අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක් විය.
අඩි 4ක් උස, ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 330ක් බරැති මෙම ප්‍රතිමාව ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලය විසින් විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙම ප්‍රතිමාව ධර්මචක්ර මුද්‍රාවෙන් යුක්තය. මෙම මුද්‍රාව බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සංසිද්ධියක් වන උන්වහන්සේ විසින් සාරානාත්හි මිගදායේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම නිරූපණය කරයි. එබැවින් එය ධර්මයේ සක පෙරළීම සංකේතවත් කරයි.
|