බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පොත් 20ක්

86

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මේ වසර තුළ ප්‍රකාශයට පත් කළ වටිනා ශාස්ත්‍රීය හා ආගමික ග්‍රන්ථ 20ක් 2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව 2024 සැප්තැම්බර් 19 වන දින පස්වරු 3.00ට කොළඹ 05 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි ශාලාවේදී දොරට වඩී. එම ග්‍රන්ථ අතර මහාචාර්ය විමල් හේවාමානගේ විසින් සකස් කරන ලද ගාථා නාමාවලියක් වන ‘ත්‍රිපිටක ගාථා ආකාරාදිය’, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ විසින් රචිත ‘විපල්යාස සංකල්පය (දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනය)’, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාකොළ මංගල හිමි විසින් රචිත ‘අමිතාභ බුද්ධ සංකල්පය’ සහ ‘The Evolution of The Concept of The Buddha Within The Pali Canon and Commentaries’ ග්‍රන්ථ ද්විත්වය, පූජ්‍ය පිටිගල උත්තමඥාණ හිමි විසින් රචිත ‘කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය’, පූජ්‍ය තෙරුන්නාන්සේගම කෝසල හිමි විසින් රචිත ‘ධනවත් වීමට බෞද්ධ උපදේශනය’ සහ කෙන් සහ විසාකා කවසාකි විසින් රචිත ‘The Buddha’s Eight Great Victories’, ‘The Freddie Stories’ යන ග්‍රන්ථ ද්විත්වයද ඇතුළත් වේ.

මෙම විශේෂ අවස්ථාව සඳහා සහභාගි වන ලෙස ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment