මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩවලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඇමැතිවරයා පැවසුවේ මේ වන විට ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වීම හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීම පදනම් කරගෙන මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුවන බවයි.
කෙසේ වෙතත් දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශීය වශයෙන් නිපදවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමේ අදහසක් නොමැති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත