භානුක ඉන්දීය සංචාරයෙන් ඉවතට

283

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇති බව මේ වන විට වාර්තාවේ.

භානුක රාජපක්ෂ ඉන්දියාවට යාම සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ජෛව බුබුල යටතේ සිටි අතර ඔහු පසුගිය සතියේ කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණයෙන් ද සමත් විය.

කෙසේවෙතත් භානුක තවමත් අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමට ළඟා වී නොමැති බැවින් ඔහුව සංචිතයට එක් කර නොගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment