භාවනාව උගන්වන්න ගිය ගුණරතන හාමුදුරුවන්ට අකරතැබ්බයක්‌

534

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන්  නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදුදහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය.

ළමා භාවනා මධ්‍යස්ථානයේදී විඳින්න ලැබුණ විකෘති ඇවතුම්, පැවතුම් ‘හිපි සංස්කෘතියේ’ ප‍්‍රතිඵල. මගේ ජීවිතේට අත්දකින්න නොලැබුණු, හීනෙකින්වත් අත්විඳින්න නොහිතපු අමුතුම අත්දැකීම්. ඒත් ඒ භාවනා මධ්‍යස්ථානයේ හිටිය අනිත් අයට නම් හිපි සංස්කෘතිය පුදුමයක් වෙලා තිබුණේ නෑ.

මම එම භාවනා මධ්‍යස්ථානයට ගියේ දවස් දහයක වැඩසටහනකට. ගිය දවසට පහුවදා ඉඳලා ? එකොළහ විතර වෙනකම් භාවනා පන්ති කළා. මහා ? ඈත කුටියට ගියෙත් තනියෙන්මයි. ඔය විදිහට දවස් දහය අවසාන වුණාට පස්සෙ භාවනා මධ්‍යස්ථානයෙන් මම පිටත්වෙන්න ලෑස්ති වුණා.

‘‘භන්තෙ අපෙන් වරදක් වුණා නම් සමාවෙන්න. නැවත අපෙන් කිසිම වරදක් වෙන්න ඉඩ තියන්නෙ නෑ. භන්තෙගෙ ගෞරවය ආරක්‍ෂා වන ආකාරයට සියලූ කටයුතු සංවිධානය කරන්නම්. භාවනා වැඩසටහන් කරන්න නැවත එන්න…’’ කියලා එම භාවනා මධ්‍යස්ථානයේ ප‍්‍රධානියෙක් වන ජෝෂප් ගෝස්ටීන් සමාව අරගෙන මාව පිටත් කළා. එම භාවනා මධ්‍යස්ථානයේ වසරකට දවස් දහයක් භාවනා පන්ති කරගෙන යන්න මට ආරාධනා කළා. දෙවැනි අවුරුද්දෙ භාවනා මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ මට හොඳ කුටියක් දුන්නා. දවසක් ? දොළහ විතර වෙනකම් භාවනා වැඩසටහන් කරලා කුටියට යනකොට කුටිය තුළ ලාම්පුවක් දැල් වී තිබෙනවා මට පෙනුණා.

ලාම්පු, ඉටිපන්දම් දල්වා ඇති නම් කුටියෙන් පිට වෙනකොට නිවා යා යුතු බවට භාවනා මධ්‍යස්ථානයේ නීතියක් පනවා තිබුණා. භාවනා වැඩසටහන්වලට පුද්ගලයන් බඳවාගැනීමේදී විශේෂයෙන්ම ඒ බව දැනුවත් කරනවා. නීතියට ගරු කරමින් රාත‍්‍රියට කුටියෙන් පිටවන සෑම මොහොතකම ලාම්පු නිවා යෑමට මම අමතක කළේ නෑ. එදා රාත‍්‍රියෙත් කුටියෙන් පිටවන මොහොතේ භූමිතෙල් ලාම්පුව නිවලා ගිය බව මට හොඳට මතකයි. එහෙම නම් කුටියේ ලාම්පුව දැල්වුණේ කොහොමද? එසේ කල්පනා කරමින් කුටිය තුළට යනකොට භාවනා වැඩසටහන් වලට පැමිණි ගැහැනියක් මගේ ඇඳේ ඇලවෙලා ඉන්නවා දැක්කා. මට උන්හිටි තැන් අමතක වුණා. කේන්තිය වැඩිකමට කුටිය දෙදරන්න කෑගැහුවා. මගෙ කෑගැහිල්ලට අර ගෑනි ඇඳෙන් විසි වෙලා වගේ පැනලා ගියා. ඒ මොහොතේම මම ප‍්‍රධාන කාර්යාලයට ගිහින් කළමනාකරුට පැමිණිලි කළා. ඊට පහුවදා උදේම ඒ කාන්තාවට අවවාද කර භාවනා මධ්‍යස්ථානයෙන් පිටත් කළා.

දින දහයේ භාවනා වැඩසටහන අවසාන කරලා මම පිටත්වෙන්න ලෑස්ති වෙනකොට ගුවන්තොටුපළට ප‍්‍රවාහන පහසුකම් ලබාදෙන්න ඉදිරිපත් වුණේ ජෙම් කියලා පුද්ගලයෙක්. ඔහුගේ පෙම්වතිය කැරන්. භාවනා වැඩසටහනකට සහභාගි වෙන්න පැමිණ හිටිය යුවළක්. කැරන් සිටියදී ජෙම් මාව ගුවන්තොටුපළට ඇරලවන්න ඉදිරිපත් වුණා. උදේ පාන්දරින්ම භාවනා මධ්‍යස්ථානයෙන් පිටත් වෙලා ඇල්බෝ කා ගුවන් තොටුපළේ රෙස්ටුරන්ට් එකකින් තමයි උදේ කෑම ගන්න සූදානම් වුණේ. කෑම ඇණවුම් කරලා අපි දෙදෙනා කතා බහ කරමින් සිටියා. වේටර් කාන්තාවක් ඇවිත් වතුර ජෝග්ගුවක් මේසය උඩින් තියලා මා ළඟ නැවිලා සිවුර උස්සලා යටින් බැලූවා…

‘ඔය මොකද කරන්නෙ…’ කියලා මම කෑගැහුවා. ඒත් ඒ කාන්තාව කිසිම ගාණක් නැතිව මා ඉදිරියේ හිටගෙන ‘මම හිතුවේ ගෑනු කෙනෙක් කියලා… යටට ඇඳලා තියෙන්නෙ මොකක්ද කියලා බලන්න හිතුණා’ කියලා සැහැල්ලූවෙන් කිව්වා. මේ රෙස්ට්ටුරන්ට් එකට එන හැම කෙනෙක්ම යටට ඇඳලා තියෙන්නෙ මොනවද කියලා රෙද්ද උස්සලා බලනවද? මම උස් හ`ඩින් ඇහුවා. ජෙම්ට මහා හයියෙන් හිනා ගියා. රෙස්ටුරන්ට් එකේ කෑම කන්න ඇවිත් හිටිය හැම කෙනෙක්ම අපේ මේසෙ දිහා බැලූවා. වේටර් කාන්තාවට ලැජ්ජා හිතිලා බිම බලාගෙන දිව්වා. අපි කෑම කාලා ඉවරවෙනකම් ඒ කාන්තාව එළියට ආවේ නෑ. එවකට ඇමරිකාවේ තිබුණේ එවැනි සමාජයක්.

ළමා භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් කරන්න වර්ෂ තුනක් නොකඩවා සහභාගි වුණා. 1976 වර්ෂයේ සිට 1978 වර්ෂයේ අවස්ථා තුනේදීම එවැනි අකරතැබ්බයන්වලට මුහුණපාන්න සිද්ධ වුණා. ඒ නිසා නැවත ආරාධනා ලැබුණත් එම භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන්වලට සහභාගි වුණේ නෑ. ඊට පසුව භාවනා මධ්‍යස්ථාන කිහිපයකින් මට ආරාධනා ලැබුණා. ඒ සෑම භාවනා මධ්‍යස්ථානයකටම මම ගිහින් බැලූවා. මගේ හිතට වැදුණේ බොස්ටන් ඉන්සයිඞ් භාවනා මධ්‍යස්ථානය විතරයි. ඒ භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන ගියේ දැන උගත්, සීලාචාර වැදගත්, යුවළක්. ඒ භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන්වලට සහභාගි වෙලා හිටියෙත් උගත්, බුද්ධිමත්, සීලාචාර පුද්ගලයන් බව මට වැටහුණා. ඒ නිසා එම භාවනා මධ්‍යස්ථානයේ පන්ති කරගෙන යන්න තීරණය කළා. භාවනා මධ්‍යස්ථානයෙන් ගුවන් ටිකට්පත් එව්වා. සෑම වසරකම දින දහයක් භාවනා වැඩසටහන් කරලා, තවත් සතියක් විතර එම භාවනා මධ්‍යස්ථානයේ නතර වෙලා කඳු නැඟලා, සුන්දර ස්ථාන නරඹන්න ගිහින් ඒ අය සමඟ සතුටින් ඉඳලා තමයි නැවත වොෂින්ටන් විහාරයට පැමිණියේ. ඒ අතර තවත් භාවනා මධ්‍යස්ථාන කිහිපයකම වැඩසටහන් කරන්න සහභාගි වුණා.

මතු සම්බන්ධයි

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment