මංගල එන්නත් දෙකම අරගෙන නිධන්ගත රෝගවලට ප‍්‍රතිකාර ගනිමින් ඉඳලා

422

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

 කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්ග පැවැසීය. කොවිඞ් නියුමෝනියාව තත්ත්වය නිසා ඒ මහතා පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

උපාලි ද සේරම්


advertistmentadvertistment